ads
Entertainment

'Miss Business Global' රූ රැජින වේදිකාවේ ශ්‍රී ලාංකීය නාමය බැබළවූ ලුම්බිණි

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
ජාත්‍යන්තර රූ රැජින වේදිකාව තුළ ශ්‍රී ලාංකේය නාමය යළිත් වරක් රන් අකුරින් සටහන් කරමින්, වියට්නාමයේ පැවති "Miss Business Global – 2026" රූ රැජින තරගාවලියෙන් සුවිශේෂී ජයග්‍රහණ ද්විත්වයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ ලුම්බිණි සමරක්කොඩි සමත් වී තිබෙනවා.

එහිදී අභිමානවත් තානාපතිනිය කිරුළ (Heritage Ambassador) මෙන්ම, අපේ රටේ සංස්කෘතික අනන්‍යතාව ලොවටම විදහා දැක්වූ හොඳම ජාතික ඇඳුමට (Best National Costume) හිමි කිරුළ ද දිනා ගනිමින් ඇය මෙරටට ඉමහත් ගෞරවයක් අත්කර දුන්නා.

ලෝකයේ රටවල් 30 ක රූ රැජිනියන්ගේ සහභාගීත්වයෙන් ඉකුත් 16 වැනිදා සිට 26 වැනිදා දක්වා වියට්නාමයේ හෝචිමිං නුවරදී මෙම උත්කර්ෂවත් තරගාවලිය පැවැත්වුණා. තියුණු තරගකාරීත්වයක් මැද ශ්‍රී ලාංකේය අභිමානය ජාත්‍යන්තරය හමුවේ ඔසවා තැබූ ලුම්බිණි, කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ඉගෙනුම ලබන දක්ෂ උපාධි අපේක්ෂිකාවක් වීම ද විශේෂත්වයක්.

ජයග්‍රහණයේ කිරුළු හිස පැළඳගත් ඇය අද (28) අලුයම 03.20 ට පමණ වියට්නාමයේ හෝචිමිං නුවර සිට වියට්නාම් ගුවන් සේවයට අයත් VN-671 දරන ගුවන් යානයෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා වුණා.

මව්බිමට ගෞරවයක් ගෙන ආ මේ සුන්දර යුවතිය උණුසුම් ලෙස පිළිගැනීම සඳහා ඇයගේ ආදරණීය දෙමාපියන්, පවුලේ සමීපතම ඥාතීන් මෙන්ම "Miss Business Global – 2026" තරගාවලියේ ශ්‍රී ලංකා ජාතික අධ්‍යක්ෂ දමිත් අංජු මහතා ඇතුළු පිරිසක් ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා. 

0%
0%
0%
0%
Comments