මෙම නිර්මාණය මුලින්ම 1996 වසරේදී මිලිමීටර් 35 පටයකින් (35 mm) රූගත කර අවසන් කර තිබුණා. එවකට ශබ්ද පද්ධතියේ ඇති වූ තාක්ෂණික දෝෂයක් නිසා දශක තුනකට ආසන්න කාලයක් මෙය ප්‍රේක්ෂකයන්ට නැරඹීමට නොහැකි වූ අතර, වර්තමාන නවීන තාක්ෂණය ඔස්සේ යළි සකස් කර මෙලෙස ප්‍රේක්ෂකයන් අතට පත් කිරීමට සූදානම් කර තිබෙනවා.
ඊයේ පැවති මංගල දැක්මට චිත්‍රපටයේ ශිල්පීන් ඇතුළු කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් එක්ව සිටි අතර, එය සිනමා රසිකයන්ට සුවිශේෂී හමුවක් බවට පත් වුණා.