ads
Food

“KITHUL EXPO – 2026” ප්‍රදර්ශනය කොළඹ දී

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
අපේ දේශීය ආහාර සංස්කෘතිය සහ සාම්ප්‍රදායික රසයන් ගැන කතා කරන විට ‘කිතුල්’ වලට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි. පිරිසිදු කිතුල් පැණි, රසවත් කිතුල් හකුරු සහ පෝෂ්‍යදායී කිතුල් පිටි ආශ්‍රිත නවමු අත්දැකීම් විඳගන්නට කැමති ඔබ වෙනුවෙන්ම සංවිධානය කෙරෙන “KITHUL EXPO – 2026” (Culinary) ප්‍රදර්ශනය අද (27) පෙරවරු 10.00ට කොළඹ සිංහල සංස්කෘතික ආයතනයේ (සුදර්ශී ශාලාව) දී උත්සවශ්‍රීයෙන් ආරම්භ වුණා.

සාම්ප්‍රදායික කිතුල් රසයට නවීනත්වය මුසු වූ අපූරු නිර්මාණ රැසක් මෙහිදී ඔබට දැකබලා ගත හැකිය. පිරිසිදු කිතුල් පැණි, හකුරු සහ පිටි පමණක් නොව, කිතුල් ආශ්‍රිතව නිපදවූ අගය එකතු කළ නවීන ආහාර නිෂ්පාදන මෙන්ම කිතුල් ශාකයෙන් නිමවූ අලංකාර හස්ත කර්මාන්ත නිපැයුම් ද දැකබලා ගැනීමටත්, පහසු මිලට මිලදී ගැනීමටත් මෙහිදී ඔබට අවස්ථාව හිමිවේ.

එපමණක් නොව, සූපශාස්ත්‍රයට සහ නව ආහාර වට්ටෝරුවලට ඇලුම් කරන ඔබ වෙනුවෙන් කිතුල් ආශ්‍රිත ආහාර සැකසීමේ සජීවී නිරූපණ (Live Culinary Demonstrations) ද මෙම ප්‍රදර්ශනයට ඇතුළත් කර තිබේ. දේශීය ව්‍යවසායකයන් සමඟ සෘජුවම සම්බන්ධ වී ඔවුන්ගේ නිෂ්පාදන ගැන දැනුවත් වීමටත් මෙය කදිම වේදිකාවකි.

නොවැම්බර් 27, 28 සහ 29 යන තෙදින පුරා පෙරවරු 10.00 සිට රාත්‍රී 9.00 දක්වා පැවැත්වෙන මෙම අපූරු අත්දැකීමට එක්වී, අපේ දේශීය කර්මාන්තයට සහ ව්‍යවසායකයන්ට අත්වැලක් වීමට පැමිණෙන ලෙස සංවිධායක මණ්ඩලය ඔබ සැමට සුහදව ආරාධනා කර සිටිනවා. 

0%
0%
0%
0%
Comments