ads
Feature

තත්පර 43.5කින් ලෝකයම මවිත කළ අපූරු සිතුවම

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
තත්පර 43.5ක් වැනි ඇසිපිය හෙළන සුළු කාලයකින් ලෝක ප්‍රකට සිතුවමක් නිර්මාණය කළ හැකි යැයි ඔබට සිතාගත හැකිද? කලාව සහ වේගය අපූරුවට මුසු කරමින් අමෙරිකානු චිත්‍ර ශිල්පී ඩේවිඩ් ගැරිබෝල්ඩි පසුගියදා මුළු ලොවම මවිතයට පත් කළ නව ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා. ඒ නිව්යෝර්ක් නුවර සංකේතයක් බඳු වූ සුප්‍රසිද්ධ ලිබර්ටි ප්‍රතිමාවේ අපූරු සිතුවමක් තත්පර 43.5කින් නිර්මාණය කරමිනුයි.

2026 ගිනස් ලෝක වාර්තා දිනයට සමගාමීව පසුගිය නොවැම්බර් 19 වනදා නිව්යෝර්ක්හි බෘක්ලින් ප්‍රදේශයේදී මෙම සුවිශේෂී ඉදිරිපත් කිරීම සිදු කෙරුණා. සංගීතයේ රිද්මයට අනුව චලනය වෙමින් කලාව ඉදිරිපත් කරන 'රිද්ම් ඇන්ඩ් හියු' (Rhythm and Hue) නම් සිය අනන්‍ය ශෛලිය ඔස්සේ ජනප්‍රියත්වයට පත් ඩේවිඩ්, මෙම අභියෝගය සඳහා කොළ සහ නිල් වර්ණ තීන්ත යොදා ගනිමින් ඉතා වේගයෙන් කැන්වසය මත සිය තෙලිතුඩ මෙහෙයවනු දක්නට ලැබුණා.

මෙම නිර්මාණයේ වඩාත්ම විස්මයජනක මොහොත උදා වූයේ ඔහු සිතුවම අඳින අතරතුර කිසිවෙකුටත් එහි සැබෑ ස්වරූපය හඳුනා ගැනීමට නොහැකි වූ නිසයි. නමුත් තත්පර 43.5 අවසානයේ ඔහු කැන්වසය උඩු යටිකුරු කර හැරවීමත් සමඟම, සියලු දෙනා විස්මයට පත් කරමින් ලිබර්ටි ප්‍රතිමාවේ අපූරු රුව එම කැන්වසය මත ජීවමාන වී තිබුණා.

සාම්ප්‍රදායික චිත්‍ර කලාවෙන් ඔබ්බට ගොස් ප්‍රේක්ෂකයාට නැවුම් වින්දනයක් ලබා දෙන මෙවැනි නිර්මාණ, නූතන කලා ලෝකයට නව ජීවයක් එක් කරනවා. ඉන්දීය හින්දුස්ථාන් ටයිම්ස් පුවත් සේවය පවා විශේෂ අවධානයකින් වාර්තා කර තිබූ ඩේවිඩ් ගැරිබෝල්ඩිගේ මෙම වාර්තාගත දස්කම, කැපවීම සහ නිර්මාණශීලීත්වය එක් වූ විට කළ නොහැක්කක් නොමැති බව ලොවටම යළිත් වරක් ඔප්පු කර පෙන්වූ අපූරු අවස්ථාවක්.

වීඩියෝව නරඹන්න -  https://www.facebook.com/share/r/1CcaZ5rjjL/

0%
0%
0%
0%
Comments