ads
Entertainment

“සහකම්පන” සාහිත්‍ය විචිත්‍රාංග මහෝත්සවය උත්කර්ෂවත්ව

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
2026 අයවැය යෝජනා මගින් වෙන් කරන ලද ප්‍රතිපාදන යටතේ, සාහිත්‍ය, නාට්‍ය හා ප්‍රාසාංගික කලාවන් ප්‍රාදේශීයව ව්‍යාප්ත කිරීමේ ජාතික වැඩසටහන් මාලාවේ තවත් එක් පියවරක් ලෙස සංවිධානය කෙරුණු “සහකම්පන” සාහිත්‍ය විචිත්‍රාංගය (නොවැම්බර් 25) වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණා.

සිංහල සහ දෙමළ යන මාධ්‍ය දෙකෙන්ම සමන්විත  සාහිත්‍ය හා සංස්කෘතික විචිත්‍රාංග රැසකින් වර්ණවත් වූ මෙම සන්ධ්‍යාව විචිත්‍රවත් කිරීම සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා, සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා, වවුනියාව දිස්ත්‍රික් ලේකම් පී.ආර්. සරත් චන්ද්‍ර මහතා, ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති ප්‍රවීණ ගත්කතුවර කීර්ති වැලිසරගේ, රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලයේ සභාපති කමල් පෙරේරා, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සාමිනාදන් විමල් , ප්‍රවීණ කලාකරු දික්වැල්ලේ කමාල්, සම්මානිත කිවිඳිනී සුහර්ෂණී ධර්මරත්න, ප්‍රවීණ ලේඛක සිරාජ් මසූර්, ඇතුළු ප්‍රාදේශීය කලාකරුවන් මෙන්ම  සාහිත්‍යකාමීහු විශාල පිරිසක් ද සහභාගි වූහ.

රාජ්‍ය සංගීත කණ්ඩායමේ මියුරු ගී ගායනා හා සංගීතයෙන් රසවත් වූ මෙම "සහකම්පන විචිත්‍රාංගය" මෙහෙයවන ලද්දේ ප්‍රවීණ ජනශ්‍රැතිවේදී   හා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද කුමාර දළුපොත විසිනි. සංවිධානය රාජ්‍ය සාහිත්‍ය අනුමණ්ඩලය. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය.

0%
0%
0%
0%
Comments