ads
Feature

මහේල ජයවර්ධන " නාලන්ද කීර්ති ශ්‍රී " සම්මානයෙන් පිදුම් ලබයි

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
කොළඹ නාලන්දා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගිය නොවැම්බර් 10 වැනිදා විද්‍යාලයීය මලලසේකර රඟහලේදී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා. පාසල් මාතාවට කීර්තියක් අත්කර දුන් විශිෂ්ටයන් ඇගයීමට ලක්වූ මෙම විශේෂිත සැඳෑව සංවිධානය කර තිබුණේ නාලන්දා විද්‍යාලයේ විදුහල්පති ඉරාන් චම්පික ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්.
මෙම අභිමානවත් උත්සවය සඳහා ප්‍රධාන ආරාධිතයන් ලෙස එක්වුණේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය ජයගත් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක, කීර්තිමත් ආදි නාලන්දීය මහේල ජයවර්ධන මහතා සහ කැලණිය විශ්වවිද්‍යාලයේ ස්නායු විද්‍යාව පිළිබඳ මහාචාර්ය උදය කේ. රණවක මහතායි.
මෙවර උත්සවයේ කැපී පෙනෙන සහ අතිශය විශේෂිත සිදුවීම බවට පත්වුණේ මහේල ජයවර්ධන මහතා වෙත ‘නාලන්දා කීර්ති ශ්‍රී’ ගෞරව නාමය පිරිනැමීමයි. ජීවිතයේ එක්වරක් පමණක් හිමිවන මෙම සුවිශේෂී සම්මානය, ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී ඔහු දැක්වූ විශිෂ්ට දක්ෂතා, ආදර්ශවත් නායකත්වය මෙන්ම ක්‍රීඩාව වෙනුවෙන් සිදුකළ අමිල මෙහෙවර වෙනුවෙන් ලැබුණු ඉහළම ඇගයීමක්. 

සිය නායකත්වය සහ කැපවීම තුළින් නාලන්දා මාතාවගේ නාමය ලෝකය හමුවේ බැබළවූ මහේලට හිමිවූ මෙම ගෞරවය, සමස්ත නාලන්දා ප්‍රජාවටම එකසේ අභිමානයක් ගෙනදුන් මොහොතක් වුණා.
තරුණ දක්ෂතාවලට මුල්තැන දෙමින් පැවැත්වුණු මෙම උත්සවයේදී 2024 වර්ෂයට අදාළ ‘විශිෂ්ටතම නාලන්දා පුත්‍ර සම්මානය’ දිනා ගැනීමට දූවගේ ජනිදු බුවනෙක පෙරේරා සමත් වුණා. එමෙන්ම අනාගතයේ බලාපොරොත්තු දල්වමින් ‘විශිෂ්ටතම නාලන්දා පුත්‍ර සම්මානය (කනිෂ්ඨ)’ දිනාගනු ලැබුවේ මිනුද සත්සිළු නවරත්න විසිනුයි. 

අධ්‍යාපනයෙන් මෙන්ම කුසලතාවලින්ද පූර්ණ නව පරපුරක් නිර්මාණය වන බවට සහතික වූ මෙම අභිමානවත් සැඳෑව, නාලන්දා ඉතිහාසයේ තවත් එක මතක සටහනක් ලෙස සටහන් වුණා.
0%
0%
0%
0%
Comments