ads
Entertainment

ලෝක සිනමා වේදිකාවේදී ශ්‍රී ලංකාව බැබළ වූ "රිවර්ස්ටන්" කණ්ඩායම

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
තුර්කියේ පැවැති 63 වැනි අන්තාලියා අන්තර්ජාතික ගෝල්ඩන් ඔරේන්ජ් සිනමා උළෙලේදී ශ්‍රී ලාංකීය සිනමාව ලෝකයේම අවධානයට ලක් කරමින් අභිමානවත් සනිටුහනක් තැබීමට "රිවර්ස්ටන්" සිනමාපටය සමත් වුණා.

එහිදී එකිනෙකට නොදෙවෙනි වූ විශිෂ්ට රංග ප්‍රතිභාවක නිරත වෙමින්, "හොඳම නළුවා" සඳහා වූ සම්මානය සාමුහික සම්මානයක් ලෙස දිනා ගැනීමට මහේන්ද්‍ර පෙරේරා, ශ්‍යාම් ප්‍රනාන්දු, රන්දික ගුණතිලක සහ ප්‍රියන්ත සිරිකුමාර සමත්වුණා.

මෙම සුවිශේෂී ජයග්‍රහණය ශ්‍රී ලංකා සිනමා ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන්නේ සිනමාපට නිෂ්පාදකයින්ගේ සංගම් සඳහා වූ අන්තර්ජාතික සම්මේලනයේ (FIAPF) අනුමැතිය ලද ලෝකයේ කීර්තිමත් සිනමා උළෙලක් තුළ ශ්‍රී ලාංකේය රංගන ශිල්පියෙකු හෝ කණ්ඩායමක් මෙවැනි සම්මානයකට පාත්‍ර වූ පළමු අවස්ථාව ලෙසිනි. 

එපමණක් නොව, FIAPF අනුමැතිය ලද උළෙලකදී ශ්‍රී ලාංකික නළුවකු හෝ නිළියක මෙලෙස ඇගයීමට ලක් වූ පස්වන අවස්ථාව ලෙසද මෙය ඉතිහාසගත වේ.

කලාකාමී හදවත් ස්පර්ශ කළ මෙම සුවිශේෂී සාර්ථකත්වය අපේ රටේ සිනමාව ජාත්‍යන්තර මට්ටමකට ඔසවා තැබූ තවත් එක් සුවිශේෂී කඩඉමක් බවට පත්ව තිබෙනවා.

0%
0%
0%
0%
Comments