ads
Entertainment

මිස් ඉන්ටර්නැෂනල් තරගාවලියේ ශ්‍රී ලංකාව නියෝජනය කරන ටිෆනි විජේපාල

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
ජපානයේ ටෝකියෝ නුවරදී පැවැත්වෙන 64 වන මිස් ඉන්ටර්නැෂනල් (Miss International) රූ රැජින තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීමට ටිෆනි විජේපාල අද අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ජපානය බලා පිටත්ව ගියා.

ලොව ප්‍රධානතම සහ පැරණිතම රූ රැජින තරගාවලි අතර ඉදිරියෙන්ම සිටින මිස් ඉන්ටර්නැෂනල් තරගාවලිය මෙවර සංවිධානය වන්නේ රටවල් 80 කට අධික සංඛ්‍යාවක තරුණ රූ රැජිනියන්ගේ සහභාගීත්වයෙනි. රූපලාවන්‍යය, බුද්ධිය මෙන්ම සංස්කෘතික හුවමාරුව සහ ලෝක සාමය පදනම් කරගනිමින් පැවැත්වෙන මෙම අභිමානවත් තරග බිමේදී, ශ්‍රී ලාංකේය අනන්‍යතාවය සහ ගෞරවය ජාත්‍යන්තරයට ගෙන යාමට ටිෆනි සූදානමින් සිටිනවා.

අද දින සිට ආරම්භ වන තරගාවලියේ විවිධ අදියරයන් සහ සංස්කෘතික වැඩසටහන් රැසක් ඉදිරි දින කිහිපය පුරා ටෝකියෝ නුවරදී පැවැත්වීමට නියමිතයි. මෙම සියලු අභියෝගයන් සාර්ථකව ජයගනිමින් නොවැම්බර් 25 වන ග්‍රෑන්ඩ් ෆිනාලේ (Grand Finale) මහ තරගය පැවැත්වීමට නියමිතයි.

0%
0%
0%
0%
Comments