ads
Feature

"හෙළ වෙද ආයු ප්‍රසාදනී" සම්මාන ප්‍රදානෝත්සවය උත්කර්ෂවත්ව

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
දේශීය වෙදකම කියන්නේ අපේ රටේ සංස්කෘතිය සහ අභිමානය සමඟ බැඳුණු වටිනා උරුමයක්. එවන් වටිනා මෙහෙවරක් අගයමින් සංවිධානය වූ "හෙළ වෙද ආයු ප්‍රසාදනී" සම්මාන ප්‍රදානෝත්සවය ඊයේ මීගොඩ පළාත් ආයුර්වේද රෝහල් පරිශ්‍රයේදී අභිමානවත්ව පැවැත්වුණා.
කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨය සහ බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කළ මෙම අලංකාර උත්සවය සඳහා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞශල්‍ය ආරියරත්න මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වී සිටියා. 

හෙළ වෙදකමේ අතීතශ්‍රීය නැවත මතක් කරමින්, දේශීය සෞඛ්‍ය සංස්කෘතියේ වැදගත්කම තවදුරටත් ඉදිරියට ගෙන යාම මෙම උත්සවයේ ප්‍රධාන අරමුණක් වුණා.

‘ආයු ප්‍රසාදනී 2026’ ආයුර්වේද අධ්‍යාපනික හා වෙළෙඳ ප්‍රදර්ශනයට සමගාමීව සංවිධානය කර තිබූ මෙම උත්සවයේදී පළමු ‘හෙළ වෙද ආයු ප්‍රසාදනී’ ගෞරව සම්මානය අමරතුංග වෙද පරපුර වෙනුවෙන් ක්‍රිමි රාජ ආයතනයේ වත්මන් කළමනාකාර අධ්‍යක්ෂ මහාචාර්ය සුමනරත්න අමරතුංග මහතා වෙත පිරිනමනු ලැබුවා.

එමෙන්ම සිරිමල්වත්තේ මාතලේ ගෙදර අභයරාජ වෙද පරම්පරාව වෙනුවෙන් වෛද්‍යාචාර්ය ඒ. එම්. හීන්නිලමේ වෙද ඇදුරුතුමන්ට ද, වික්‍රමාරච්චි වෙද පරපුර වෙනුවෙන් වෛද්‍ය අනූෂා වික්‍රමාරච්චි මහත්මියට ද, නැදුන්ගමුවේ ධර්මවිජය වෙද පරපුර වෙනුවෙන් වෛද්‍ය හර්ෂ ධර්මවිජය මහතාට ද, යාලගල වෙද පරපුර වෙනුවෙන් වෛද්‍ය තුසිත ඖෂධරත්න මහතාට ද එම ගෞරව සම්මාන පිරිනමන ලදී.


මීට අමතරව බස්නාහිර පළාතේ ලියාපදිංචි පාරම්පරික වෛද්‍යවරුන් 47 දෙනෙකුගේ වෘත්තීය දායකත්වය සහ ජනතාව උදෙසා කළ කැපවීම අගයමින් සම්මාන හා සහතිකපත් පිරිනැමීම ද මෙහිදී සිදුවුණා.

0%
0%
0%
0%
Comments