ads
Feature

අලුත් වුණ ලොව වේගවත්ම මෝටර් රථයේ වාර්තාව

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
සුපිරි මෝටර් රථ ලෝකයේ නවතම පෙරළියක් සිදු කරමින් චීනයේ සුප්‍රකට BYD සමාගමේ සුඛෝපභෝගී සන්නාමයක් වන 'යැංවැං' (Yangwang) හි U9 Xtreme මාදිලිය ඓතිහාසික ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර පැවැති අධිවේගී ධාවන පරීක්ෂණයකදී පැයට කිලෝමීටර 503.17 ක අදහාගත නොහැකි උපරිම වේගයක් වාර්තා කිරීමට මෙම සුපිරි මෝටර් රථය සමත් වී තිබෙනවා. 

ලෝක මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම පාලක මණ්ඩලය වන FIA (Federation Internationale de l'Automobile) හි නිල පිළිගැනීම ද සහිතව, නිෂ්පාදිත මෝටර් රථයක් පැයට කිලෝමීටර 500 සීමාව පසුකළ ප්‍රථම අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්වනවා.

මෙම අතිවිශිෂ්ට ධාවන හැකියාවත් සමඟින් BYD සමාගම ගිනස් ලෝක වාර්තා දෙකක්ම තමන් සතු කර ගැනීමට සමත් වුණා. එනම්, තනි දිශාවකට ධාවනය වූ නිෂ්පාදිත මෝටර් රථයක් සහ විදුලි (EV) මෝටර් රථයක් වාර්තා කළ ඉහළම වේගය  සඳහා වන ලෝක වාර්තාවන්ය. අබුඩාබි හි අල් ධාෆ්රා කලාපයේ පිහිටි ෂෙයික් කලීෆා බින් සායෙඩ් ජාත්‍යන්තර මහා මාර්ගයේ (E11) පැවැති මෙම වාර්තාගත ධාවනයේදී රථය පදවන ලද්දේ ජර්මානු ජාතික ප්‍රවීණ රේසිං ධාවක මාක් බැසෙන්ග් විසිනි. තරගය සඳහා මාර්ගය සූදානම් කරමින්, ටයර් රත් කර ගනිමින් ආරම්භ කළ මෙම ත්‍රාසජනක ගමන කෙළවර වූයේ ලෝක මෝටර් රථ ඉතිහාසය නැවත ලියමිනි.

මෙම ඓතිහාසික සංසිද්ධිය වෙනුවෙන් පළාත් පාලන අධිකාරීන්ගේ සහයෝගය ඇතිව කිලෝමීටර 10 ක මාර්ග කොටසක් (කිලෝමීටර 7 ක ඍජු ධාවන පථයක් සහිත) සම්පූර්ණයෙන්ම වසා දමා දින දෙකක් පුරා විශේෂ සූදානමක් සිදු කර තිබුණා. 

ප්‍රථම පරීක්ෂණ ධාවනවලදී පැයට කිලෝමීටර 490 ක වේගයක් සටහන් වූ අතර, ඉන් අනතුරුව ඉංජිනේරුවන් විසින් රථයේ වායුගතික විද්‍යාත්මක හැඩය (Aerodynamics), අත්හිටුවීමේ පද්ධතිය (Suspension) සහ ටයර් පීඩනය තවදුරටත් සියුම් ලෙස සකස් කරමින් උපරිම ස්ථාවරත්වය ලබා ගැනීමට කටයුතු කළා. 

ඒ අනුව දෙවන දින අවසන් පරීක්ෂණයේදී මෙම පැයට කිලෝමීටර 503.17 ක ඓතිහාසික වේගය සටහන් කිරීමට ඔවුන්ට හැකි වුණා. මෙයට පෙර 2025 ජර්මනියේදී පැයට කිලෝමීටර 496.22 ක වේගයක් තබමින් පිහිටුවා තිබූ තමන්ගේම පැරණි වාර්තාව බිඳ හෙළීමට ද මේ සමඟ BYD සමාගමට හැකිවීම විශේෂත්වයක්.

තාක්ෂණය සහ සුඛෝපභෝගී බව මනාව සංකලනය කරමින් නිපදවා ඇති යැංවැං U9 මෝටර් රථය, සිලින්ඩර 12 ක එන්ජිමකින් සහ මෝටර් රථයටම විශේෂිත වූ විදුලි මෝටර හතරකින් බලගන්වා තිබෙනවා. එක් මෝටරයකින් කිලෝවොට් 240 ක උපරිම බලයක් ලබාදෙන අතර, මුළු පද්ධතියෙන්ම කිලෝවොට් 960 ක දැවැන්ත බලයක් ජනනය කරනු ලබනවා. මෙම සුවිශේෂී බලය නිසා තත්පර 2.36 ක් වැනි කෙටි කාලයකදී පැයට කිලෝමීටර 0 සිට 100 දක්වා වේගවත් වීමේ හැකියාව මෙම රථයට තිබෙනවා. 

ඊට අමතරව අධිවේගී ධාවනයේදී මෝටර් රථයේ සමබරතාව සුරකින සක්‍රිය අත්හිටුවීමේ පද්ධතියක් (Active Suspension) සහ අධි-කාර්යක්ෂම විදුලි ධාවනයට ඔරොත්තු දෙන නවීනතම බැටරි හා තාප කළමනාකරණ තාක්ෂණය ද මෙම සුපිරි මෝටර් රථය සතු වේ.

0%
0%
0%
0%
Comments