ads
Entertainment

සිංහල නාට්‍ය වංශකතාවේ ස්වර්ණමය සලකුණ "මනමේට 70 යි"

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ අග්‍රගණ්‍ය නිර්මාණයක් වන, සිංහල නාට්‍ය කලාවේ අසිරිමත් හැරවුම් ලක්ෂ්‍යය සනිටුහන් කළ "මනමේ" වේදිකා නාට්‍යයට වසර 70ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් සංවිධානය කළ විශේෂ අනුස්මරණ දර්ශනය (නොවැම්බර් 03) සවස කොළඹ ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේදී වේදිකාගත වූණා.

මෙම ඓතිහාසික හා හැඟීම්බර අවස්ථාව සඳහා ලලිතා සරච්චන්ද්‍ර මැතිණිය ඇතුළු සරච්චන්ද්‍ර පවුලේ සාමාජිකයන් මෙන් ම මෙරට කලාව පෝෂණය කළ ප්‍රවීණ කලාකරුවන් රැසක් ද එක්ව සිටීම සුවිශේෂ විය. එසේ ම, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ද මෙම අභිමානවත් සැමරුමට විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගී විය.

දශක හතක් පුරා ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂක හදවත් ස්පර්ශ කළ "මනමේ", තවත් චිරාත් කාලයක් අපේ කලා ඉතිහාසය තුළ වැජඹෙනු නොඅනුමානයි.

0%
0%
0%
0%
Comments