ads
Feature

ලොව ප්‍රමුඛ කාන්තා ත්‍රාසජනක ක්‍රීඩා තරගාවලියක් වන ‘Raid Amazones’ ශ්‍රී ලංකාවේදී

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
ලොව ප්‍රමුඛ කාන්තා ත්‍රාසජනක ක්‍රීඩා අභියෝගතා තරගාවලියක් වන ‘Le Raid Amazones’ හි අටවැනි අදියර මේ වන විට ආරම්භ වී තිබෙනවා.

2026 නොවැම්බර් 02 සිට 10 දක්වා පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා ප්‍රංශ ජාතික කාන්තා තරගකාරිනියන් 250 දෙනෙකු සහ ජාත්‍යන්තර කාර්ය මණ්ඩල සාමාජිකයන් 55 දෙනෙකු සහභාගී වෙති. ඔවුන් නොවැම්බර් 02 වැනිදා සම්පූර්ණයෙන්ම කාන්තා කාර්ය මණ්ඩලයකින් සමන්විත ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් මෙරටට පැමිණ තිබෙනවා.

මෙවර තරගාවලිය ප්‍රධාන වශයෙන් කළුතර නගරය සහ එහි වෙරළ තීරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන අතර, ගාල්ල සහ බෙන්තොට ප්‍රදේශ ද ඊට ඇතුළත් වේ. ගාල්ල කොටුව ආශ්‍රිතව පැවැත්වෙන විශේෂ නිධන් සෙවීමේ තරගයක් ද මෙවර තරගාවලියට ඇතුළත්.

කැනෝ ඔරු පැදීම, බයිසිකල් පැදීම, දිවීම සහ නිධන් සෙවීමේ තරග ඇතුළු විවිධ අභියෝගාත්මක ක්‍රීඩා ඉසව් රැසකින් තරගාවලිය සමන්විත වේ.

නොවැම්බර් 05 වැනිදා පැවති කැනෝ ඔරු පැදීමේ තරග ඉසව්ව ආරම්භ කිරීමේ අවස්ථාවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ද එක්වුණා.

ශ්‍රී ලංකා සංචාරක අංශය, ශ්‍රීලන්කන් ගුවන් සේවය සහ තරගාවලියේ නිල භූමි සත්කාරක හවුල්කරු වන Connaissance De Ceylan (Pvt) Ltd ආයතනයේ දායකත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය මෙරට ක්‍රීඩා සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට වැදගත් අවස්ථාවක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

0%
0%
0%
0%
Comments