ads
Travel

'වසරේ සුඛෝපභෝගී ආහාර සංචාරක ගමනාන්තය' ලෙස කිරුළු පැළඳි ශ්‍රී ලංකාව

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
එක්සත් රාජධානියේ පැවැති 'Travel & Taste Awards 2026' සම්මාන උළෙලේදී 'වසරේ සුඛෝපභෝගී ආහාර සංචාරක ගමනාන්තය' (Luxury Food Destination of the Year) ලෙස කිරුළු පැළඳීමට ශ්‍රී ලංකාව සමත් වී තිබෙනවා.

ක්ෂේත්‍ර 17ක් යටතේ ආහාර හා සංචාරක ක්ෂේත්‍රයේ විශිෂ්ටතමයන් වෙනුවෙන් පිරිනමන මෙම සම්මාන උළෙලේ ජයග්‍රාහකයින් තෝරා පත්කරනු ලබන්නේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් විසිනුයි. ඒ අනුව ලෝක සංචාරක සිතියම තුළ ලාංකේය අනන්‍යතාව තවත් පියවරකින් ඉහළට ඔසවා තැබීමට මෙම හිමිකර ගැනීම හේතු වී තිබෙනවා.

ලෝක සංචාරක වෙළෙඳපොළේදී ලැබුණු ඉහළම ඇගයීම


එක්සත් රාජධානියේ පැවැත්වෙන ලෝක සංචාරක වෙළෙඳපොළ (WTM) ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කුටියේදී මෙම සම්මාන ප්‍රදානය සිදු කෙරුණා. එහිදී 'Travel & Taste' සම්මාන උළෙලේ ප්‍රධාන සංවිධායක ඇලෙක්ස් ක්‍රොස්ලි (Alex Crosley) විසින් පිරිනමන ලද සම්මානය ශ්‍රී ලංකාව වෙනුවෙන් සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා විසින් භාරගනු ලැබුවා. ජාත්‍යන්තර මට්ටමේ නියෝජිතයන් රැසක් ඉදිරියේ ලැබුණු මෙම සම්මානය ලාංකේය සංචාරක ක්ෂේත්‍රයට මහත් අභිමානයක් ගෙන දෙනවා.

විනිසුරුවන්ගේ හදවත් දිනූ ලාංකේය රසයන්


මෙම සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවේ උසස් ප්‍රමිතියෙන් යුත් බුටික් හෝටල් සංස්කෘතිය සහ විවිධත්වයෙන් යුත් දේශීය ආහාර රටාවන් විනිශ්චය මණ්ඩලයේ විශේෂ ඇගයීමට ලක්ව තිබෙනවා. එමෙන්ම දේශීය අමුද්‍රව්‍ය භාවිතයෙන් සකසන සුවිශේෂී රසයන් මෙන්ම ලාංකේය ආගන්තුක සත්කාරයේ ඇති අනන්‍යතාවද මෙම ජයග්‍රහණය පසුපස ඇති ප්‍රධානතම සාධකයක් බව සඳහන් වෙනවා.

ලෝකයම ආකර්ෂණය කරගන්නා සුඛෝපභෝගී සංචාරක ගමනාන්තයක්

මෙම ජාත්‍යන්තර සම්මානය හිමිවීමත් සමඟ උසස් තත්ත්වයේ ආහාර පාන සහ නවතම සංචාරක අත්දැකීම් සොයා එන විදේශීය සංචාරකයන් වැඩිවශයෙන් ආකර්ෂණය කරගැනීමට මඟපෑදෙනවා. ප්‍රමුඛ සුඛෝපභෝගී සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යාමට මෙන්ම ඉදිරි සංචාරක වාරයේදී ඉහළ සංචාරක ආකර්ෂණයක් ලබාගැනීමටද මෙම ජයග්‍රහණය මහෝපකාරී වනු ඇති බවට අපේක්ෂා කෙරෙනවා.

0%
100%
0%
0%
Comments