ads
Entertainment

මිස් ග්ලෝබ් 2026 හිදී රෙබෙකාගෙන් ශ්‍රී ලංකාවට අභිමානවත් ජයග්‍රහණයක්

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
ජාත්‍යන්තර තරගාවලි අතර ප්‍රමුඛ පෙළේ තැනක් ගන්නා ‘ද මිස් ග්ලෝබ්’ 2026 (The Miss Globe 2026) 23 වැනි අදියරේදී ශ්‍රී ලංකාවට මහත් අභිමානයක් ගෙන ඒමට රෙබෙකා කොස්තා සමත් වී තිබෙනවා. මෙවර තරගාවලියේ පැවැති ‘Miss Talent’ අනු කාණ්ඩයේ දෙවැනි අනුශූරතාව (Second Runner-Up) දිනාගැනීමට ඇය සමත් වී ඇත්තේ සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේම අවධානය දිනාගනිමින්.

ලොව පුරා රටවල් රැසකින් පැමිණි දක්ෂ තරගකාරියන් 25 දෙනෙකු අතුරින් තේරී පත්වුණු රෙබෙකා, මෙම දක්ෂතා දැක්වීමේ අවසන් වටයේදී ප්‍රේක්ෂකයන් සහ විනිශ්චය මණ්ඩලය සිත් ගන්නා සුලු විශිෂ්ට නර්තන අංගයක් ඉදිරිපත් කිරීමට සමත් වුණා. 

‘ද මිස් ග්ලෝබ්’ තරගාවලි ඉතිහාසයේ ‘Miss Talent’ අංශයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ තරගකාරියක් අවසන් දෙනා 3 දෙනා අතරට (Top 3) සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එකතු වෙනවා. තරුණියන්ගේ ආත්මවිශ්වාසය, නිර්මාණශීලීත්වය සහ සහජ දක්ෂතාවලට මුල්තැන දෙන මෙම ජාත්‍යන්තර වේදිකාවේදී රෙබෙකා දැක්වූ මෙම දක්ෂතාව ශ්‍රී ලාංකේය නාමය ලෝකය හමුවේ තවත් ඉහළට ඔසවා තැබීමට සමත් වී තිබෙනවා.

0%
100%
0%
0%
Comments