ads
Feature

9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ශංහයිහිදී

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය සහ Hongqiao ජාත්‍යන්තර ආර්ථික සාකච්ඡා සභාවේ සමාරම්භක උත්සවය චීනයේ මනරම් ශංහයි නුවරදී අද ඉතා උත්කර්ෂවත් අන්දමින් ආරම්භ වුණා.
ගෝලීය වෙළඳාමේ අලුත්ම ප්‍රවණතා සහ නවෝත්පාදන එකම වහලක් යටට ගෙන එන මෙම දැවැන්ත සූදානම, ලොව පුරා අලෙවිකරුවන්ගේ මෙන්ම ව්‍යාපාරික ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්ව තිබෙනවා. මෙවර ප්‍රදර්ශනයේ සුවිශේෂී ගෞරවනීය ආරාධිත රටවල් ලෙස ශ්‍රී ලංකාව සහ කැනඩාව එක්ව සිටිනවා.

ලොව පුරා රටවල්, කලාප සහ ජාත්‍යන්තර සංවිධාන 162ක් නියෝජනය කරමින් විදේශීය සමාගම් 4,142ක් මෙවර ප්‍රදර්ශනයට එක්ව සිටිනවා. වර්ග මීටර් 440,000ක සමස්ත භූමි ප්‍රමාණයක පැවැත්වෙන මෙය, චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශන ඉතිහාසයේ වාර්තා වූ විශාලතම ප්‍රදර්ශන වපසරියයි. 

එයින් වර්ග මීටර් 370,000කට වැඩි ප්‍රමාණයක් සමාගම් සඳහා වෙන් කර තිබීම විශේෂත්වයක් වන අතර, ලොව ප්‍රමුඛතම සමාගම් 500 අතුරින් 300කට අධික සංඛ්‍යාවක් මෙවර සිය සන්නාමයන් ඉදිරිපත් කිරීමට එකතු වී සිටිනවා.

ලෝකයේ, ආසියාවේ මෙන්ම චීනයේ ප්‍රථම වරට එළිදක්වන සහ ප්‍රදර්ශනය කෙරෙන නව්‍ය නිෂ්පාදන හා භාණ්ඩ 480කට වැඩි ප්‍රමාණයක් මෙහි ඇතුළත් වන අතර, එයද ප්‍රදර්ශන ඉතිහාසයේ ඉහළම වාර්තාවයි. සැබැවින්ම මෙය ලෝකයේ අනාගත වෙළඳපොළ සහ ජීවන රටාවේ නවමු වෙනස්කම් එකම තැනකින් දැකබලා ගැනීමට ලැබෙන අපූරු අවස්ථාවක්.
0%
0%
0%
0%
Comments