මෙම සංචාරය අතරතුර විදේශ කටයුතු පිලිබඳ අමාත්ය විජිත හේරත් සහ DJ Snake ඇතුළු ඔහුගේ කණ්ඩායම අතර විශේෂ හමුවීමක් ද සිදුව තිබුණා. ජාත්යන්තර වශයෙන් දැවැන්ත සාර්ථකත්වයක් අත්කර ගෙන සිටියද DJ Snake සතු නිහතමානී, සුහදශීලී, ත්යාගශීලී සහ ජව සම්පන්න පෞරුෂය මෙන්ම ඉතා සාමාන්ය (Down-to-earth) පුද්ගලයෙකු ලෙස කටයුතු කිරීම මෙහිදී අමාත්යවරයා අගය කර තිබෙනවා.