ads
Entertainment

මාංචන පීරිස් අධ්‍යක්ෂණය කළ "අග්නිජය" චිත්‍රපටය

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
ශ්‍රී ලංකා සිනමා ක්ෂේත්‍රයට තවත් අපූරු අත්දැකීමක් එක් කරමින්, ප්‍රවීණ මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පීන් රැසකගේ දායකත්වයෙන් හැඩවුණු "අග්නිජය" නවතම සිනමා නිර්මාණය අද සිට දිවයින පුරා සිනමාශාලා තුළ ප්‍රදර්ශනය ආරම්භ වනවා.

මෙම සිනමා කෘතිය තුළින් ශනුද්‍රි ප්‍රියසාද්, මාංචන පීරිස් සහ බිමල් ජයකොඩි යන ප්‍රධාන රංගන ශිල්පීන්ගේ අපූරු රංගන ප්‍රතිභාවන් රසවිඳීමට ප්‍රේක්ෂකයන්ට හැකියාව ලැබෙන අතර, මෙහි අධ්‍යක්ෂණයෙන් ද දායක වී සිටින්නේ මාංචන පීරිස් වීම විශේෂත්වයක්.

ඔහුගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය ලෙස එළිදකින මෙම නිර්මාණය සඳහා සනත් ගුණතිලක, ශ්‍රියානි අමරසේන, ක්ලිටස් මෙන්ඩිස්, ශේෂාද්‍රි ප්‍රියසාද්, ජගත් චමිල, දසුනි සිනෙත්මා, සංගීත් ප්‍රභූ, දුලීකා මාරපන, කළණ ගුණසේකර සහ ප්‍රියන්ත සෙනෙවිරත්න ඇතුළු මෙරට සිනමා සහ ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ දැඩි ජනප්‍රියත්වයක් දිනා සිටින නළු නිළියන් රැසක් රංගනයෙන් එක්වනවා.

0%
0%
0%
0%
Comments