1970 සහ 1980 දශකවල ටෙලිනාට්ය ලෝකය වර්ණවත් කළ, ‘McMillan & Wife’ සහ ‘Kate & Allie’ වැනි අමතක නොවන නිර්මාණ හරහා ලෝකප්රකට වූ අමෙරිකානු රංගන ශිල්පිනී සුසාන් සේන්ට් ජේම්ස් (Susan Saint James) අභාවප්රාප්ත වී තිබෙනවා.
මියයන විට ඇය 80 වන වියේ පසුවූ අතර, අග්න්යාශාශ්රිත පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්රතිකාර ලබමින් සිටි ඇය පසුගිය දිනක අවසන් හුස්ම හෙළා ඇති බවයි විදෙස් මාධ්ය වාර්තා කරන්නේ.

1946 අගෝස්තු 14 වනදා ලොස් ඇන්ජලීස් හිදී සුසාන් ජේන් මිලර් (Susan Jane Miller) ලෙස උපත ලැබූ ඇය, සිය කලා දිවිය ආරම්භ කිරීමට පෙර නව යොවුන් වියේදී පැරිස් නුවරින් නිරූපණ ක්ෂේත්රයට පිවිසීමට කටයුතු කර තිබෙනවා. අනතුරුව වයස අවුරුදු 20 දී යළි ලොස් ඇන්ජලීස් වෙත පැමිණි ඇය, ප්රකට Universal Studios සමාගම සමඟ ගිවිසුම්ගත වෙමින් සිනමාවට සහ රූපවාහිනියට අඩිතාලම දමා තිබෙනවා.

ඇයගේ රංගන දිවියේ සුවිශේෂී හැරවුම් ලක්ෂ්යයක් සනිටුහන් කරමින්, 1968 දී විකාශය වූ ‘The Name of the Game’ ටෙලිනාට්ය මාලාවේ ‘පෙගී මැක්ස්වෙල්’ ලෙස ඇය දැක්වූ විශිෂ්ට රංගනය වෙනුවෙන් 1969 වසරේදීම කීර්තිමත් එමී (Emmy) සම්මානයෙන් පිදුම් ලැබීමට සමත්ව තිබෙනවා.