ads
Feature

ඩාලියා මල් ලක්ෂ 3කින් නිමවූ බ්‍රිතාන්‍යයේ අපූර්ව නිර්මාණය

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
ස්වභාවධර්මයේ සොඳුරුතම තිළිණය වන මල්, කලාවක් බවට පත්වන අපූරු මොහොතක් එක්සත් රාජධානියේ බ්‍රැඩ්ෆර්ඩ් (Bradford) නගරයෙන් වාර්තා වනවා.
"The Flower Project" වැඩසටහන යටතේ ක්‍රියාත්මක වූ මෙම සුවිශේෂී ව්‍යාපෘතිය හරහා බ්‍රැඩ්ෆර්ඩ් නගරයේ Centenary Square පරිශ්‍රය වර්ණවත් හා සිත්ගන්නාසුලු අලංකාර මල් යායක් බවට පත් කිරීමට ස්වේච්ඡා සේවකයින් පිරිසක් සමත්ව තිබෙනවා.

මේ සඳහා 300,000කට අධික විවිධ වර්ණයෙන් යුතු ඩාලියා මල් එකිනෙක අතින් තබමින් දැවැන්ත මල් පාවඩයක් නිර්මාණය කර ඇති අතර, මෙහි මුළු පළල මීටර් 29ක් (අඩි 95ක්) තරම් වෙනවා. 

මෙම සොඳුරු නිර්මාණයේ හිමිකරුවා වන්නේ එම ප්‍රදේශයේම දේශීය කලාකරුවෙකු වන ෂිරාස් අලි (Shiraz Ali) යි. බ්‍රැඩ්ෆර්ඩ් නගරයේ පාරම්පරික රෙදිපිළි කර්මාන්තයේ ඉතිහාසය, රෙදි රටා සහ විවිධාකාර සංස්කෘතික සංකේතයන්ගෙන් ආභාසය ලබමින් ඔහු මෙම පියකරු රටාව සැලසුම් කර තිබෙනවා.

විවිධ තරාතිරම්වල ස්වේච්ඡා සේවකයින්ගේ කැපවීමෙන් නිමවුණු මෙම අපූරු කලා නිර්මාණය, දහවල් කාලයේදී ස්වාභාවික හිරු එළියෙන් වර්ණවත් වන අතර රාත්‍රී කාලයේදී විශේෂ ආලෝක සහ සංගීත සංදර්ශන මඟින් නරඹන්නන් වෙත අපූර්ව අත්දැකීමක් තිළිණ කරනවා. 

0%
0%
0%
0%
Comments