ads
Feature

දමිළ සිනමාවේ ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂ දේවා ජිවන ගමනට සමු දෙයි

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
දකුණු ඉන්දීය සිනමාවේ අමතක නොවන සංගීත සටහන් රැසක් තැබූ ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂ දේවා අභාවප්‍රාප්ත වී තිබෙනවා. හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් චෙන්නායිහි පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මෙලෙස ජීවිතයෙන් සමුගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. මියයන විට ඔහුගේ වයස අවුරුදු 75 කි.
දමිළ සිනමා සංගීත ලෝකය තුළ සුවිශේෂී හැරවුම් ලක්ෂයක් සටහන් කළ දේවා, එතෙක් පැවති සංගීත ශෛලීන්ගෙන් ඔබ්බට යමින් ජනප්‍රිය 'ගානා' (Gaana) සංගීත ශෛලිය ප්‍රධානධාරාවේ සිනමාවට හඳුන්වා දී එය ජනප්‍රිය කිරීම වෙනුවෙන් දැවැන්ත මෙහෙයක් ඉටු කර තිබෙනවා. 

දශක ගණනාවක් පුරා විහිදුණු ඔහුගේ කලා දිවිය තුළ චිත්‍රපට 400කට අධික සංඛ්‍යාවකට ඔහු සංගීතයෙන් දායක වී තිබෙනවා. රජිනිකාන්ත්, විජේ සහ අජිත් වැනි දකුණු ඉන්දීය සිනමාවේ ප්‍රමුඛ පෙළේ සුපිරි නළුවන්ගේ අමතක නොවන චිත්‍රපට රැසකටම සිය සංගීතයෙන් පණ පෙවීමට ඔහු සමත් විය. 
විශේෂයෙන්ම 'Baashha', 'Annamalai', 'Nattamai', 'Aasai', 'Kadhal Kottai' සහ 'Nerukku Ner' වැනි සිනමාපට ඔහුගේ අමතක නොවන විශිෂ්ට නිර්මාණ අතරට එක්ව තිබෙනවා. එම චිත්‍රපටවල එන ‘Ra Ra Ramaiya’, ‘Konja Naal Poru Thalaiva’ සහ ‘Vellarikka Pinju Vellarikka’ වැනි ගීත අදටත් රසිකයන් අතර අතිශයින් ජනප්‍රියයි.
දේවාගේ හදිසි වියෝව දමිළ සිනමා ක්ෂේත්‍රයට මෙන්ම ලොව පුරා විසිරී සිටින ඔහුගේ කලා ලෝලීන්ට දැඩි කම්පනයක් ගෙන දී තිබෙනවා. මේ වන විටත් සිනමා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් මෙන්ම රසිකයන් රැසක්ම සිය සමාජ මාධ්‍ය හරහා සංගීතයේ 'තේනිසෛ තෙන්ද්‍රල්' (Thenisai Thendral) ලෙස විරුද්ධාවලි ලැබූ ප්‍රවීණ කලාකරුවාණන්ට අවසන් වරට ගෞරවය පුද කරමින් ශෝකය පළ කරමින් සිටිනවා.
0%
0%
0%
0%
Comments