මහා සංඝරත්නයේ ආශිර්වාදය පෙරදැරිව, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්රධානත්වයෙන් පැවැති මෙම අගනා කලා මංගල්යය සඳහා සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියා.
බදුල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී සුදත් බලගල්ල මහතා, මහනුවර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ඊ. එම්. බස්නායක මහතා, මිනිපේ ප්රාදේශීය සභා සභාපති බී.එම්. රංජන බණ්ඩාර ගුණරත්න මහතා, පළාත් පාලන කොමසාරිස්තුමිය ( මධ්යම පළාත ) ආදිවාසී නායක ඌරු වරිගේ වන්නිලැත්තෝ, සම්මානනීය ගත්කතුවර නිශ්ශංක විජේමාන්න මහතා ඇතුළුව ප්රදේශවාසී කලාකාමී ජනතාව ද විශාල වශයෙන් සහභාගී වී සිටීම විශේෂත්වයකි.