ads
Entertainment

තරින්දි ප්‍රනාන්දු රුක්මණී දේවියට පණ දෙන ‘නිද්‍රා යාත්‍රා’

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
ශ්‍රී ලාංකේය අමරණීය ගායන හා රංගන ශිල්පිනියක වන රුක්මණී දේවියගේ සැබෑ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය වන ‘නිද්‍රා යාත්‍රා’ සිනමා පටයේ කටයුතු මේ වනවිට සාර්ථකව ආරම්භ වී තිබෙනවා.

මෙම සිනමා නිර්මාණයේ අධ්‍යක්ෂණය ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා විසින් සිදු කරන අතර, අමරණීය රුක්මණී දේවියගේ චරිතයට පණ පෙවීමේ භාග්‍යය හිමිව තිබෙන්නේ ජනප්‍රිය මෙන්ම දක්ෂ රංගන ශිල්පිනී තරින්දි ප්‍රනාන්දුටයි. ඇයට අමතරව, රුක්මණී දේවියගේ ආදරණීය සැමියා වූ එඩී ජයමාන්නගේ චරිතය නිරූපණය කරන්නේ ‘ජනයි ප්‍රියයි’ හරහා අතිශය ජනප්‍රියත්වයට පත් චමල් රත්නායකයි.

ඒ වගේම මහේන්ද්‍ර පෙරේරා, රොෂාන් පිලපිටිය, ධනංජය සිරිවර්ධන සහ රොෂාන් රණවන ඇතුළු මෙරට ප්‍රමුඛ පෙළේ රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් දායක වෙනවා. ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ මියුරු සංගීත සංයෝජනයෙන් හැඩවන ‘නිද්‍රා යාත්‍රා’ චිත්‍රපටය නිෂ්පාදනය කරනු ලබන්නේ වෙරන්ජ ගුණවර්ධන මහතා විසිනුයි.

කැලෑ හඳ, කපටි ආරක්ෂකයා, වැරදුණු කුරුමානම වැනි චිත්‍රපට ඔස්සේ රසිකයින්ට සමීප වූ රුක්මනී දේවිය, 1978 ඔක්තෝබර් 28 වැනිදා සිදුවූ හදිසි රිය අනතුරකින් ජීවිතයෙන් සමුගත්තා.

0%
0%
0%
0%
Comments