ලෝක ප්රසිද්ධ සර්ෆින් තෝතැන්නක්
ජාත්යන්තර මට්ටමින් සර්ෆින් ක්රීඩාව සඳහා ලොව පුරා ප්රසිද්ධම ගමනාන්තයක් ලෙස ආරුගම්බේ හැඳින්විය හැකියි. සංචාරකයින්ගේ දැඩි ආකර්ෂණය දිනා ගැනීමට මෙම සුවිශේෂී සංචාරක ක්රියාකාරකම ප්රධානම හේතුවක් වී ඇති බව සඳහන් වන අතර, එය අපේ රටේ සංචාරක ක්ෂේත්රයට ලැබුණු අභිමානයකි.
ශ්රී ලංකාවේ තවත් වෙරළ තීරයන් ලැබූ ජයග්රහණ
මෙම කීර්තිමත් සමීක්ෂණයට අනුව ශ්රී ලංකාවේ තවත් අපූරු වෙරළ තීරයන් තුනක්ම ආසියාවේ ආකර්ෂණීයම වෙරළ තීරයන් 20 අතරට එක්වීමට සමත්ව තිබෙනවා. ඒ අනුව, සුන්දර බෙන්තොට වෙරළ තීරය නව වන ස්ථානය හිමිකරගෙන ඇති අතර, සංචාරක ආකර්ෂණය දිනූ තංගල්ල වෙරළ තීරය 14 වන ස්ථානයට පත්ව ඇති බව දැකගත හැකියි.
දේශීය මෙන්ම විදෙස් සංචාරකයින්ගේ නිරන්තර අවධානයට ලක්වන මීගමුව වෙරළ තීරයද මෙම ලැයිස්තුවේ 19 වන ස්ථානයට පත්ව තිබෙනවා.මේ හරහා ශ්රී ලංකාවේ වෙරළබඩ සංචාරක කර්මාන්තයේ සුවිශේෂී වර්ධනයක් සනිටුහන් වී තිබෙන බව පැහැදිලි වෙයි.