ලොව පුරා රටවල් 70 ක දක්ෂ රූපලාවන්ය ශිල්පීන් 1,000 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන්, ඉකුත් ඔක්තෝබර් 10 සහ 11 යන දිනවල ප්රංශයේ පැරිස් නුවරදී මෙම මහා පරිමාණ තරගාවලිය අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණා.
එහිදී දැඩි තරගකාරීත්වයක් මධ්යයේ පැවති කාන්තා ඇහිබැම සැකසීමේ (Ladies Smoky Eyes Make-Up) විශේෂිත ඉසව්වට ඉදිරිපත් වූ උදානි කුමාරි මහත්මිය, අතිශය දක්ෂ ලෙස තම කුසලතා ප්රදර්ශනය කරමින් ලෝකයේ සිව්වන ස්ථානය දිනා ගැනීමට සමත් වීම අප රටටම ලැබුණු මහත් ගෞරවයක්.
ජාත්යන්තර ජයග්රහණයක් දිනා ගනිමින් මව්බිමට පැමිණි ඇය පිළිගැනීම සඳහා ශ්රී ලංකා සංචාරක ප්රවර්ධන කාර්යාංශයේ විශේෂ නිලධාරීන් පිරිසක් මෙන්ම ඇයගේ පවුලේ සමීපතම ඥාතීන් කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.