ads
Food

මාලදිවයිනේදී ලංකාවට ආඩම්බරයක් ගෙන ආ සූපවේදිනි මල්ෂා තත්සරණි

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
මාලදිවයිනේ පැවැත්වුණු "Hotel Asia International Culinary Challenge 2026" ජාත්‍යන්තර ආහාර තරගාවලියේදී "Most Outstanding Chef" (වඩාත්ම විශිෂ්ටතම සූපවේදිනිය) සම්මානයෙන් පිදුම් ලැබීමට ශ්‍රී ලාංකේය තරුණ සූපවේදිනියක වන මල්ෂා තත්සරණි සමත් වී තිබෙනවා.

වයස අවුරුදු 20ක් වැනි වියෙහි පසුවන ඇය ලබාගත් මෙම විශිෂ්ට ජයග්‍රහණය, ජාත්‍යන්තර තලයේදී ශ්‍රී ලාංකේය සූපවේදී හැකියාවන් හි ඉහළම සලකුණ සටහන් කිරීමට සමත් වූ අවස්ථාවක් ලෙස දැක්විය හැකියි.

ලෝකයේ ප්‍රමුඛ පෙළේ සංචාරක පාරාදීසයක් වන මාලදිවයිනේ ප්‍රසිද්ධ 'Furaveri Maldives' රිසෝට් හි සේවය කරන මල්ෂා, ඇගේ කැපවීම, දැඩි උත්සාහය සහ සහජ සූපවේදී හැකියාවන් තුළින් මෙම අභියෝගාත්මක තරගාවලිය ජය ගැනීමට සමත් වී තිබෙනවා. 

0%
0%
0%
0%
Comments