
විරිඳු ගායන කලාව පුරුෂාධිපත්‍යයට නතුව තිබූ සමයක, මියුරු විරිඳු ගායන ශෛලියක් ගුවන්විදුලියට හඳුන්වා දෙමින් ප්‍රථම විරිඳු ගායිකාව ලෙස ක්ෂේත්‍රයට පිවිසි ඇය, 1950 දශකයේදී ශ්‍රාවක හදවත් දිනාගත්තා. වසර 27 ක් වැනි කෙටි ආයු කාලයකින් අකාලයේ මෙලොවින් සමුගත්තද, ඇය විසින් තැබූ කලාත්මක සලකුණ යළි ආවර්ජනය කරමින් මෙම ඇගයීම සිදු කරන ලදී.
ගුවන්විදුලි සංස්ථාවේ සභාපති මහාචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර මහතා ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලය සංවිධානය කළ මෙම අවස්ථාව සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා, ශ්‍රීමතී පෙරේරා මහත්මියගේ පවුලේ ඥාතීන්, ගුවන්විදුලි සංස්ථා නිලධාරීන් සහ මාධ්‍යවේදීහු රැසක් සහභාගී වී සිටියා.