දරුවන්ගේ සුරතල් ක්‍රියාකාරකම් අගයන මුවාවෙන් ඇතැම් පුද්ගලයන් සහ ආයතන විසින් මෙම වීඩියෝ පට වාණිජ අරමුණු උදෙසා යොදාගන්නා බවට මේ වන විට තහවුරු වී තිබෙනවා.
මෙලෙස වීඩියෝ සහ Vlog සටහන් හරහා දරුවන්ගේ එදිනෙදා ජීවන රටාව බාහිර පාර්ශ්වයන් වෙත අනාවරණය වීමෙන්, ඔවුන්ගේ පෞද්ගලික ආරක්ෂාව දැඩි අවදානමකට ලක්වනවා.
එමෙන්ම, අන්තර්ජාලයට එක්කරන මෙවැනි වීඩියෝ පට සහ ඡායාරූප මූලාශ්‍ර කරගනිමින්, කෘතිම බුද්ධි (AI තාක්ෂණය) ඔස්සේ අසභ්‍ය දර්ශන නිර්මාණය කිරීමේ අවදානමක් ද මතුව තිබෙනවා.
එබැවින්, මෙවැනි අනතුරුදායක තත්වයන්ගෙන් තම දරුවන් ආරක්ෂා කරගැනීමට සමාජ මාධ්‍ය පරිශීලනය කිරීමේදී වඩාත් විමසිලිමත් සහ වගකීම් සහගත වන ලෙසයි දෙමාපියන් ඇතුළු දරුවන්ගේ භාරකරුවන් වෙත කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශය දන්වා සිටින්නේ.