ads
Feature

ජාතික AI EXPO තාක්ෂණික ප්‍රදර්ශනය

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
"AI Amplified" යන තේමාව යටතේ සංවිධාන කළ ජාතික කෘත්‍රිම බුද්ධි ප්‍රදර්ශනය 2026 මොනාක් ඉම්පීරියල් හිදී උත්කර්ෂවත්ව පැවැත්වුණා.

සැප්තැම්බර් 29 සහ 30 යන දින දෙක පුරා පැවති මෙම ප්‍රදර්ශනය ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ SLT-මොබිටෙල් ආයතනය ඒකාබද්ධව සංවිධානය කරන ලදී. මෙහි ප්‍රධාන අරමුණ වූයේ මෙරට සිසු දරුවන්ට කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ නවතම ප්‍රවණතා ගවේෂණය කිරීම සඳහා අනර්ඝ අවස්ථාවක් උදා කර දීමයි.

මෙම ජාත්‍යන්තර මට්ටමේ සමුළුව සඳහා කෘත්‍රිම බුද්ධියේ අනාගතය හැඩගස්වන ප්‍රමුඛ පෙළේ විද්වතුන්, නවෝත්පාදකයන් සහ තාක්ෂණික සමාගම් රැසක් ඒ සඳහා එක්ව සිටියා. රටවල් 16 ක කථිකයන් 60 කට අධික පිරිසක් මෙම දෙදින සමුළුවේදී අදහස් දැක්වූ අතර, AI ප්‍රදර්ශනය සඳහා ද ප්‍රදර්ශකයන් 35 කට අධික පිරිසක් සහභාගී වී සිටියා. ZiraDaily කණ්ඩායමද මෙම අවස්ථාව සඳහා සහභාගී වූණා.

0%
0%
0%
0%
Comments