ලෝකයේ විලාසිතා අවධානය මේ දිනවල ප්‍රංශයේ පැරිස් නගරය වෙත යොමුවී තිබෙනවා. 2027 වසරේ වසන්ත හා ග්‍රීෂ්ම සෘතුව වෙනුවෙන් පැවැත්වෙන පැරිස් විලාසිතා සතිය වෙනදාටත් වඩා සුවිශේෂී අංග රැසක් සමඟින් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතියි.
සැප්තැම්බර් 28 සිට ඔක්තෝබර් 6 දක්වා පැවැත්වෙන මෙම අතිවිශිෂ්ට විලාසිතා දැවැන්තයා තුළ විලාසිතා දැක්වීම් 68ක් සහ ඉදිරිපත් කිරීම් 34ක් ඇතුළත් වේ. විලාසිතා ලෝලීන්ගේ දැඩි අවධානය දිනාගත් සුවිශේෂී සන්නාම කිහිපයක්ම මෙවර සිය අපූරු නිර්මාණ එළිදැක්වීමට නියමිතව තිබීම මෙහි විශේෂත්වයකි.
විශේෂයෙන්ම, 'Courrèges' සහ 'Carven' සන්නාම සඳහා මෙවර හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. එහි නව නිර්මාණ අධ්‍යක්ෂවරුන් වන ඩෲ හෙන්රි (Drew Henry) සහ කයි නෙසල්රාත් (Kai Nesselrath) තම මංගල නිර්මාණ සමඟ ප්‍රථම වරට පැරිස් රන්මංකඩ (Paris runway) වෙත පිවිසීමට සූදානමින් සිටිනවා. එය නවක නිර්මාණකරුවන්ගේ සහ අලුත් සන්නාම ප්‍රවණතාවල සන්ධිස්ථානයක් වනු ඇත.
ලොව ප්‍රමුඛපෙළේ විලාසිතා සන්නාම රැසක නව නිර්මාණ අධ්‍යක්ෂවරුන්ගේ අපූරු එකතු මෙවර වේදිකාව වර්ණවත් කිරීමට නියමිතයි. මෙම අගනා විලාසිතා සතියේ සමාප්තිය සනිටුහන් කරන්නේ සුප්‍රසිද්ධ 'Louis Vuitton' ආයතනය විසින් වීමද තවත් විශේෂත්වයකි.