මෙම දේශීය බුලට් ට්‍රේන් ව්‍යාපෘතිය 2030 වසර වන විට සම්පූර්ණ කිරීමටත්, ඊට අවශ්‍ය යටිතල පහසුකම් පුළුල් කිරීමටත් බලධාරීන් සැලසුම් කර තිබෙනවා. මෙහි සමස්ත ඇස්තමේන්තුගත පිරිවැය ඉන්දීය රුපියල් ට්‍රිලියන 2ක් වන අතර, එය 2015 වසරේ මුල් තක්සේරුව මෙන් දෙගුණයකට ආසන්න අගයක් ගන්නවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ, ජපානය විසින් දැනට භාවිත කරන E5 කාණ්ඩයේ දුම්රිය නිෂ්පාදනය ක්‍රමයෙන් නවතා දමන බව 2024 දෙසැම්බර් මාසයේදී නිවේදනය කිරීමත් සමඟ ඉන්දියාව මෙම B35 ව්‍යාපෘතියට අත්වැල් බැඳගත් බවයි. කෙසේ වෙතත්, ජපානයේ නවතම E10 දුම්රිය නිෂ්පාදනය 2030දී ඇරඹී 2034 වන විට සේවයට එක්වීමට නියමිත බැවින්, අනාගතයේදී එම E10 දුම්රියන් ද මෙරට භාවිත කිරීමට ඉන්දීය බලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා.
ඊට අමතරව, B28 නමින් තවත් අධිවේගී දුම්රියක් දේශීයව සංවර්ධනය කිරීමේ කටයුතු ද ඉන්දියාව විසින් ආරම්භ කර තිබෙනවා. එපමණක් නොව, චීනයේ CTCS පද්ධතියට සමාන වන අයුරින්, දුම්රියවල වේගය පාලනය කිරීමට, ආරක්ෂිත පරතරය තබා ගැනීමට සහ මගී ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කිරීමට සහාය වන 'භාරත් ට්‍රේන් කොන්ට්‍රෝල් සිස්ටම්' නමැති දේශීය සංඥා සහ පාලන පද්ධතියක් ද මේ වන විට නිර්මාණය කරමින් පවතිනවා.