'අග්නිජය' චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සිදු කර තිබෙන්නේ ද මංචන පීරිස් වන අතර මෙය ඔහුගේ පළමු සිනමා අධ්‍යක්ෂණයයි.
මෙම චිත්‍රපටය සඳහා සිනමා ලෝකයේ අප කවුරුත් ආදරය කරන ජනප්‍රිය නළු නිළියන් රැසක් එකතු වී සිටීම විශේෂත්වයකි. ඒ අනුව, දක්ෂ රංගන ශිල්පිනී ශනුද්‍රි ප්‍රියසාද්, මංචන පීරිස් සමඟින් ප්‍රවීණ රංගන ශිල්පී බිමල් ජයකොඩි මෙහි ප්‍රධාන චරිත නිරූපණයෙන් එකතු වේ.
ප්‍රවීණ සහ නවක රංගන ශිල්පීන්ගේ අපූරු සංකලනයකින් හැඩවන මෙම චිත්‍රපටය සඳහා සනත් ගුණතිලක, ශ්‍රියානි අමරසේන, ක්ලිටස් මෙන්ඩිස්, ශේෂාද්‍රි ප්‍රියසාද්, ජගත් චමිල, දසුනි සිනෙත්මා, සංගීත් ප්‍රභූ, දුලීකා මාරපන, කළණ ගුණසේකර සහ ප්‍රියන්ත සෙනෙවිරත්න ඇතුළු තවත් ආදරණීය නළු නිළියන් බොහෝ පිරිසක් රංගනයෙන් එක්වනවා.