විශේෂයෙන්ම, ලෝක ශ්‍රේණිගත කිරීම්හි 77 වැනි ස්ථානයෙන් තරගාවලිය ආරම්භ කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම, අපූරු දස්කම් දක්වමින් තරග 11කින් තරග 7ක් ජයග්‍රහණය කර තිබෙනවා. එහි අවසන් ප්‍රතිඵලය ලෙස අවසන් ශ්‍රේණිගත කිරීමේදී 34 වැනි ස්ථානය හිමිකර ගැනීමට ඔවුන් සමත්වූ අතර, එය අප රට ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස හැඳින්විය හැකියි.
ප්‍රවීණ පුහුණුකරු GM Boris Chatalbashev මහතාගේ මඟපෙන්වීම සහ පුහුණුකාරීත්වය යටතේ මෙම විශිෂ්ට දස්කම් දැක්වීමට අපගේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකිවී තිබෙනවා.