ads
Feature

මගී ජීවිත සිය ගණනක් බේරූ ඉන්දීය ජාතික ගුවන් නියමුවා

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
ඩුබායි සිට ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවර බලා පියාසර කරමින් තිබූ ෆ්ලයි ඩුබායි ගුවන් යානයක හටගත් හදිසි අර්බුදකාරී තත්ත්වයක් සාර්ථකව පාලනය කරමින්, මගීන් සහ කාර්යය මණ්ඩලය ඇතුළු පිරිසකගේ ජීවිත බේරා ගැනීමට කටයුතු කළ ප්‍රධාන නියමුවා ඉන්දියානු ජාතිකයෙකු බව ඊශ්‍රායලය නිල වශයෙන් තහවුරු කර තිබෙනවා.

ජාත්‍යන්තර මාධ්‍ය වෙතින් දැඩි අවධානයක් දිනාගත් මෙම සංවේදී සිදුවීමේදී, ගුවන් යානය අහසේ ගමන් කරමින් තිබියදී සහය නියමුවා විසින් ප්‍රධාන නියමුවාට පිහි ඇනුමක් සිදු කර ඇති අතර, එම අනපේක්ෂිත ප්‍රහාරය හමුවේ යානය එකවර අඩි 16,000 කට ආසන්න ප්‍රමාණයක් පහළට ඇද වැටී තිබෙනවා.

කෙසේ වෙතත්, දැඩි තුවාල ලබා සිටියදීත් අසමසම ධෛර්යයක් පෙන්වූ පිහි ප්‍රහාරයට ලක්වූ ප්‍රධාන නියමුවා, නියමු කුටියේ දොර විවර කරමින් කඩිනමින් ක්‍රියාත්මක වී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස ගුවන් කාර්යය මණ්ඩලයට සහ මගීන්ට වහාම සහයෝගය ලබා දී තත්ත්වය පාලනය කර ගැනීමට හැකි වී ඇති අතර, ඒ හරහා මහා පරිමාණ ගුවන් අනතුරක් වළකා ගැනීමට සමත්ව ඇත.

අනතුරට මුහුණ දුන් මෙම ගුවන් යානය තුළ ඊශ්‍රායල ජාතිකයින් ඇතුළුව මගීන් 174 දෙනෙකු ගමන් කර ඇති අතර, ඔවුන්ගෙන් 27 දෙනෙකුම කුඩා දරුවන් වීම විශේෂත්වයකි.

මෙම අර්බුදයේදී අසාමාන්‍ය සංයමයකින් සහ වීරෝදාර ලෙස ක්‍රියා කරමින් සිය ගණනකගේ ජීවිත ආරක්ෂා කරගත් ඉන්දියානු ජාතික කපිතාන් ස්මිත් මච්ඡාර් (Smit Machchhar) සැබෑ වීරයෙකු බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද සිය X ගිණුමෙහි විශේෂ සටහනක් තබමින් කපිතාන් ස්මිත් මච්ඡාර්ගේ ධෛර්යය අගය කර ඇති අතර, දැඩි අනතුරුදායක මොහොතක ඔහු පෙන්වූ නොසැලෙන කැපවීම පිළිබඳව සමස්ත ඉන්දියාවම ආඩම්බර වන බව සඳහන් කර තිබේ. එසේම, බරපතල ලෙස තුවාල ලැබූ ඔහුට ඉක්මන් සුවය සහ පූර්ණ නිරෝගීභාවය ප්‍රාර්ථනා කිරීමටද අග්‍රාමාත්‍යවරයා කටයුතු කර තිබෙනවා.

0%
100%
0%
0%
Comments