ads
Feature

කේ. ජයතිලක ප්‍රත්‍යවලෝකන 2026

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
ප්‍රවීණ සාහිත්‍යවේදී කේ. ජයතිලකයන්ගේ ජන්ම ශත සංවත්සරය නිමිත්තෙන් ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යයනාංශය සංවිධානය කළ “කේ. ජයතිලක ප්‍රත්‍යාවලෝකන” වැඩසටහන පසුගිය අගෝස්තු 13 වැනිදා විශ්වවිද්‍යාලයීය භූ-විඥාපන පීඨ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.

මෙම වැඩසටහනේදී ජයතිලක නිර්මාණ-විචාර විමර්ශනය කරමින් මහාචාර්ය සසංක පෙරේරා, මහාචාර්ය ජයන්ත අමරසිංහ සහ මහාචාර්ය රත්නසිරි අරංගල යන විද්වතුන් විසින් හරවත් දේශන පවත්වනු ලැබුවා. කේ. ජයතිලකයන්ගේ ගැඹුරු සමාජ නිරීක්ෂණ සහ දාර්ශනික දැක්ම අදටත් වලංගු වන අතර, මෙවැනි ශාස්ත්‍රීය සංවාද හරහා එම අගනා නිර්මාණාත්මක උරුමය නූතන පරපුරට හඳුන්වා දීමත්, සාහිත්‍ය විචාරය පෝෂණය කිරීමත් මැනවින් ඉටු කෙරේ.

මෙම විශේෂ අවස්ථා උදෙසා  මහාචාර්ය මනෝජ් ආරියරත්න මහතාගේ මුලසුනින් පැවැති මෙම අවස්ථාවට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සහ සබරගමුව විශ්වවිද්‍යාලයේ වැඩබලන උපකුලපති මහාචාර්ය එස්. ඒ. අරියදුරෙයි මහතා සහභාගී වී සිටියා.

0%
0%
0%
0%
Comments