ads
Entertainment

ප්‍රතිභා ලියනආරච්චි 'Miss World Talent' අවසන් තරගකාරිනියන් 23 දෙනා අතරට!

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
73 වන ලෝක රූ රැජින තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා රූ රැජින ප්‍රතිභා ලියනආරච්චි, ජාත්‍යන්තර වේදිකාව හමුවේ සිය අභිමානවත් ගමන තවදුරටත් ඉදිරියට ගෙනයමින් සිටින අතර, වියට්නාමයේ පැවැත්වෙන මෙවර තරගාවලියේ අතිශය තරගකාරී ප්‍රසාංගික දක්ෂතා අංශයේ අවසන් 23 දෙනා අතරට සුදුසුකම් ලැබීමට ඇය සමත්ව තිබෙනවා.

සමස්ත තරගකාරිනියන් 111 දෙනෙකු අතරින් මෙම අවසන් වටයට පැමිණීම මෙහි විශේෂත්වයක් වන අතර, මෙම ජයග්‍රහණය මෙවර තරගාවලිය පුරා ඇය දක්වන ස්ථාවර සහ විශිෂ්ට දක්ෂතාවල තවත් එක් වැදගත් පියවරක්.

ප්‍රතිභා ලියනආරච්චි මීට පෙරද ක්‍රීඩා අභියෝගතාවයේ මෙන්ම විලාසිතා නිරූපණ අංශයේද අවසන් වටයේ තරගකාරිනියක ලෙස තේරී පත්වීමට සමත්ව තිබූ අතර, ක්‍රීඩා, නිරූපණ සහ ප්‍රසාංගික කුසලතා යන ප්‍රධාන අංශයන්ගෙන් අඛණ්ඩව ඉදිරියට පැමිණෙමින් ඇය දක්වන මෙම දක්ෂතාව 73 වන ලෝක රූ රැජින තරගාවලිය තුළ ශ්‍රී ලංකා නාමයට අතිමහත් අභිමානයක් ගෙනදීමට සමත්ව තිබෙනවා.

0%
100%
0%
0%
Comments