ads
Entertainment

'Miss Teen International' තරගාවලියේ ශ්‍රී ලංකාව නියොජනය කරන දිව්‍යාංගනා

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
ජාත්‍යන්තර රූ රැජින වේදිකාව මත ශ්‍රී ලාංකීය නාමය බැබළවීමේ අපේක්ෂාවෙන්, 'මිස් ටීන් ශ්‍රී ලංකා 2026' කිරුළ හිමිකරගත් දිව්‍යාංගනා සෙනෙවිරත්න කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ඉන්දියාව බලා පිටත්ව ගියා. ඇය මෙම පියවර තබන්නේ ලෝකයේ අවධානය දිනාගත් දැවැන්ත යොවුන් රූ රැජින තරගාවලියක් සඳහායි.

ඉන්දියාවේ ඓතිහාසික ජායිපූර් නුවර කේන්ද්‍ර කරගනිමින් අගෝස්තු 22 සිට 31 දක්වා පැවැත්වෙන 'Miss Teen International 2026' රූ රැජින තරගය සඳහා ලොව පුරා රටවල් 40ක පමණ යොවුන් රූ රැජිනියන් එක්වීමට නියමිතයි. මෙම ජාත්‍යන්තර තරගබිම තුළ ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ ස්වර්ණමය අවස්ථාව දිව්‍යාංගනාට හිමිවී තිබෙනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් දිව්‍යාංගනා සෙනෙවිරත්න පවසන්නේ මිස් ටීන් ඉන්ටර්නැෂනල් 2026 (Miss Teen International 2026) ජාත්‍යන්තර රූ රැජන තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීමට ලැබීම පිළිබඳව විශාල සතුටක් තිබෙන බවයි. මෙම කිරුළ නියෝජනය කරන්න රුක්මාල් සර් මෙන්ම තාරක සර් ඇතුළු පිරිසගෙන් ලැබුණු දැවැන්ත සහයෝගය ඇය විශේෂයෙන් සිහිපත් කරනවා. මව්බිමට ජයග්‍රහණයක් රැගෙන ඒම සඳහා ඉදිරියටත් සියලු දෙනාගේ ආශීර්වාදය සහ සහයෝගය බලාපොරොත්තු වන බවයි ඇය වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

දිව්‍යාංගනා, වර්තමානයේ පූර්ණකාලීන නිරූපණ ශිල්පිනියක ලෙස සිය වෘත්තීය දිවිය සාර්ථකව ඉදිරියට ගෙන යයි. දේශීය නිරූපණ ක්ෂේත්‍රය තුළ ඇය ලබාගත් අත්දැකීම් සහ කැපවීම, මෙම ජාත්‍යන්තර තරගාවලියේදී ඇයට මහත්බලගැන්වීමක් වනු නොඅනුමානයි. 

ඇයගේ ජාතික පුහුණුකරු ලෙස කටයුතු කරන රුක්මාල් සේනානායක සහ උපදේශක තාරක ගුරුකන්ද ඇතුළු පිරිසක් ඇය දිවයිනෙන් පිටත්ව යන අවස්ථාවේ කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ සිටියා. 

50%
50%
0%
0%
Comments