ලෝකයේ සංචාරකයන්ගේ සිත් නිතැතින්ම දිනාගත් සුන්දරම නගර අතරින් 2026 වසරේ පෙරමුණ ගැනීමට නිව්යෝර්ක් (New York) නගරය සමත්ව තිබෙනවා. ගෝලීය සංචාරක දත්ත විශ්ලේෂණය කරමින් එළිදක්වා ඇති නවතම වාර්තාවන්ට අනුව, ලොව පුරා සංචාරකයන්ගේ වැඩිම ආකර්ෂණයක් දිනාගත් නගර ලැයිස්තුවේ පළමු ස්ථානය හිමිව ඇත්තේ අමෙරිකාවේ මෙම සජීවී නගරයටයි.
සංස්කෘතික විවිධත්වය, අසමසම ජීවන රටාව සහ නූතන පහසුකම් නිසා නිව්යෝර්ක් නගරය අද වන විට සංචාරකයන්ගේ ප්‍රමුඛතම තේරීමක් බවට පත්ව තිබෙනවා.
මෙම ලැයිස්තුවේ දෙවන ස්ථානය දිනාගැනීමට රොමැන්ටික් නගරයක් වන පැරිස් (Paris) සමත්ව ඇති අතර, ජපානයේ සුප්‍රසිද්ධ නගර වන ඔසාකා (Osaka) සහ කියෝතෝ (Kyoto) පිළිවෙළින් තෙවන සහ සිව්වන ස්ථාන අත්පත් කරගෙන තිබෙනවා.
ආසියානු කලාපයේ සංස්කෘතික ආකර්ෂණය ලෝකයටම පෙන්වා දෙමින් සෝල් (Seoul) නගරය පස්වන ස්ථානයට පත්ව ඇති අතර, එය වර්තමාන සංචාරක ප්‍රවණතා තුළ ආසියාවේ බලය මනාව පෙන්නුම් කරන්නක්.
එමෙන්ම, ලන්ඩන් (London) නගරය හයවන ස්ථානයේත්, රෝම (Rome) නගරය හත්වන ස්ථානයේත් පසුවනවා.
බැංකොක් (Bangkok) සහ ඔකිනාවා (Okinawa) පිළිවෙළින් අටවන සහ නවවන ස්ථාන දිනාගනිද්දී, චිකාගෝ (Chicago) නගරය මෙම කීර්තිමත් ලැයිස්තුවේ දසවන ස්ථානය සම්පූර්ණ කරනවා. 2026 වසරේ ගෝලීය නාගරික සංචාරක ප්‍රවණතා තීරණය කරන මෙම අපූර්ව නගර සංචාරක ලෝලීන්ට අමතක නොවන අත්දැකීම් රැසක් තෑගි කිරීමට සූදානම්.