ads
Food

ශ්‍රී ලංකා ගුවන් හමුදා ‘සූපශාස්ත්‍ර කලා උළෙල’ සීගිරියේදී සාර්ථකව අවසන්

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා සූපවේදීන්ගේ සංගමය එක්ව තෙවන වරටත් සංවිධානය කළ ‘ගුවන් හමුදා සූපශාස්ත්‍ර කලා උළෙල 2026’ ඉතා උත්කර්ෂවත් අයුරින් සීගිරිය මහාචාර්ය සෙනරත් පරණවිතාන නිවාඩු නිකේතන පරිශ්‍රයේදී පවත්වා අවසන් කර තිබෙනවා. සූපවේදීන්ගේ අපූරු කුසලතා මෙන්ම නිර්මාණශීලීත්වය ලොවටම පෙන්වන කදිම වේදිකාවක් වූ මෙම අගනා උළෙලේ සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්වුණේ ශ්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර මහතාගේ ප්‍රධානත්වයෙන්.

ලෝක සූපවේදීන්ගේ සංගමයේ ජාත්‍යන්තර නීති රීති හා මාර්ගෝපදේශවලට අනුකූලව ක්‍රියාත්මක වූ මෙම තරඟාවලිය සඳහා ත්‍රිවිධ හමුදාව, සංස්කෘතික ත්‍රිකෝණයේ ප්‍රමුඛ පෙළේ හෝටල් නියෝජනය කරන වෘත්තීය සූපවේදීන් මෙන්ම මධ්‍යම සහ උතුරු මැද පළාත්වල පාසල් සිසුන් ද උනන්දුවෙන් සහභාගී වී තිබෙනවා.

මෙවර තරඟකාරී අංග 422ක් යටතේ දක්ෂතා දැක්වීමට දක්ෂ තරඟකරුවන් 325 දෙනෙකු එක්ව සිටීම විශේෂත්වයක් වන අතර, සංචාරක පුරවරයක පැවති මෙම අපූරු අත්දැකීම රස විඳීමට දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් ද එක්වී තිබෙනවා.

මෙවර සමස්ත කණ්ඩායම් ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක මූලික කඳවුරු කණ්ඩායම සමත්වී ඇති අතර, එහි අනුශූරතාව හිමිකරගෙන තිබෙන්නේ රත්මලාන මූලික කඳවුරු කණ්ඩායමයි. මීට අමතරව, Most Prominent Mixologist සම්මානය ගුවන් හමුදා මූලස්ථානයේ කෝප්‍රල් ධනංජය විසින් දිනාගත් අතර, Most Outstanding Culinary Master සම්මානය දිනාගැනීමට එම මූලස්ථානය නියෝජනය කළ සිවිල් සේවක එම්. බී. එස්. පී. කුමාර මහතා සමත්වී තිබෙනවා.

0%
0%
0%
0%
Comments