
වියට්නාමයේ හෝ චි මින් නුවර සිට පැමිණි VN-671 දරන මෙම එයාර්බස් A-320 වර්ගයේ ගුවන් යානය ඊයේ රාත්‍රී 11.02 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්ස අතර, සම්ප්‍රදායික ජල ආචාර පවත්වමින් එය ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබුවා. මෙම මංගල ගුවන් ගමන වෙනුවෙන් මගීන් 164 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණි අතර, එම යානයෙන්ම මගීන් 172 දෙනෙකු යළි වියට්නාමය බලා පිටත්ව ගොස් තිබෙනවා.
සතියේ දින තුනක් පුරා ක්‍රියාත්මක වන ගුවන් ගමන් කාලසටහන

මෙම නව ඍජු ගුවන් සේවාව ක්‍රියාත්මක වන්නේ සතියකට දින තුනක්, එනම් ඉරිදා, බදාදා සහ සිකුරාදා යන දිනවලයි. විශේෂත්වය වන්නේ කටුනායක සිට වියට්නාමය දක්වා එක් ගමන් වාරයක් සඳහා ගත වන්නේ පැය 04කුත් විනාඩි 30ක වැනි කෙටි කාලයක් වීමයි.
නව ගුවන් සේවාව පිළිගැනීම වෙනුවෙන් කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයේදී විශේෂ උත්සවයක් සංවිධානය කර තිබූ අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපති ත්‍රින් ති ටාම් මහත්මිය ද සහභාගී වී සිටියා.
මෙම සුවිශේෂී පියවරත් සමඟ සංචාරය කිරීමට ප්‍රිය කරන ඔබට, වියට්නාමයේ සංස්කෘතික සෞන්දර්යය සහ සුන්දරත්වය අත්විඳීමට දැන් වඩාත් පහසු සහ ඉක්මන් අවස්ථාවක් උදාවී තිබෙනවා.