ads
Travel

යාපනයේ නල්ලූර් කන්දස්වාමි කෝවිල් උත්සවයේ සංස්කෘතික අසිරිය

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
යාපනයේ පුරවරය මේ දිනවල සම්පූර්ණයෙන්ම වෙනස්ම ස්වරූපයක් ගන්නවා. ඒ අන් කවරක්වත් නිසා නොවෙයි, ලෝක ප්‍රසිද්ධ නල්ලූර් කන්දස්වාමි කෝවිලේ වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් සැකසුම් සූදානම් වී තිබෙන නිසායි.

මුරුගන් දෙවියන් වෙනුවෙන් වෙන් වුණු මේ සංස්කෘතික මංගල්‍යය අද (අගෝස්තු 16) සිට සැප්තැම්බර් 12 වැනිදා දක්වා ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

ඉතිහාසයේ සිට පැවත එන උරුමය

your image

ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ නල්ලූර් හි පිහිටා ඇති මෙම ඓතිහාසික කෝවිල 948 දී ආරම්භ කරන ලද්දක්. පසුව 15 වන සියවසේදී කෝට්ටේ හයවන බුවනෙකබාහු රජු විසින් මෙම කෝවිල තවදුරටත් සංවර්ධනය කර තිබෙනවා. අද වන විට කෝවිල ද්වාර ස්ථම්භ එනම් ගෝපුරම් තුනකින් සහ ඝණ්ඨාර කුළුණු හයකින් සමන්විත වී තිබෙනවා. විශේෂයෙන්ම මෙහි ඇති බලකොටු පවුරු සමඟින් එය නල්ලූර්හි සුවිශේෂී බලකොටුවක පෙනුමක් ලබා දී තිබෙනවා.

යාපනයේ නල්ලූර් කන්දස්වාමි කෝවිල් උත්සවය 

your image

මේ මහා සංස්කෘතික මංගල්‍යයේ නිල ආරම්භය සලකුණු කරනු ලබන්නේ අගෝස්තු 14 වැනිදා පැවැත්වුණු කොඩි සිටවීමේ මංගල්‍යය හරහායි. එදා සිට දෛනික පූජා මෙන්ම අතිශයින්ම වර්ණවත් වාහන පෙරහරවල් රැසක් පැවැත්වෙනවා. බැතිමතුන්ගේ ආගමික වතාවත්, උපවාස ක්‍රම සහ වර්ණවත් කාවඩි නර්තන මධ්‍යයේ දින ගණනාවක් පුරා මෙම උත්සවය පැවැත්වෙනවා.

සංචාරකයන්ට ලැබෙන අපූර්ව අත්දැකීම

your image

මෙම උත්සවයේ එන තවත් සුවිශේෂීම අවස්ථාවක් ලෙස සැප්තැම්බර් 11 වැනිදා පැවැත්වෙන තීරටම් එහෙමත් නැත්නම් දිය කැපීමේ මංගල්‍යය හැඳින්විය හැකියි. බැතිමතුන්ගේ දැඩි ආගමික භක්තිය සහ සිත් ඇදගන්නා සුළු කාවඩි නර්තන නිසා මේ දිනවල යාපනයට පැමිණෙන කවුරුත් අත්විඳින්නේ වෙනස්ම ආකාරයේ අපූර්ව හැඟීමක් තිබෙනවා.

0%
0%
0%
0%
Comments