අපේ රටේ සාම්ප්‍රදායික ශිල්ප සහ නිර්මාණ කියන්නේ ලෝක ආර්ථිකය තුළ ඉතා ඉහළ ඉල්ලුමක් සහ අගයක් හිමි කරගත් අපූරු ක්ෂේත්‍රයක්. දේශීය නිර්මාණකරුවන්ගේ දක්ෂතා ලෝකයටම පෙන්වන මෙම සුවිශේෂී අවස්ථාව සඳහා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතාව සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශ ලේකම් තිලකා ජයසුන්දර, ජාතික ශිල්ප සභාවේ සභාපතිනි ආචාර්ය අයේෂා වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම දිවයින පුරා විසිරී සිටින දක්ෂ ශිල්පීන් රැසක් එක්ව සිටියා.
දේශීය නිර්මාණකරුවන්ගේ අපූර්වත්වය සහ අතිදක්ෂකම මනාව කැපී පෙනෙන මෙම සම්මාන උළෙලේදී ජනාධිපති සම්මානයෙන් සහ විවිධ ඇගයීම්වලින් පිදුම් ලැබූවා.ඔබත් අපේ රටේ දක්ෂ ශිල්පීන්ගේ අපූරුතම නිර්මාණ නැවුම් අත්දැකීමක් ලෙස විඳගන්න කැමති නම්, අද සහ හෙට (15-16) දිනවල BMICH වෙත පැමිණෙන්න.