ads
Lifestyle

වියට්නාමයේ සාම්ප්‍රදායික "Áo Dài" ඇඳුමින් සැරසුණු ලෝක රූ රැජිනියන්

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
ලෝක රූ රැජින වේදිකාවක සංස්කෘතීන් එකම තැනකට එකතු වන අපූරු අවස්ථාවක් මේ දිනවල වියට්නාමයෙන් වාර්තා වනවා. ලෝක ප්‍රකට Miss World තරඟයේ 75 වන සංවත්සරය සනිටුහන් කරමින්, ලොව පුරා රටවල් නියෝජනය කරන රූ රැජිනියන් එක්වූ අති උත්කර්ෂවත් ආරම්භක උළෙල පසුගියදා වියට්නාමයේ සුන්දර Ha Long Bay හිදී පැවැත්වුණා.

මෙහිදී වඩාත් කතාබහට ලක් වූ විශේෂම අංගය වූයේ, ලෝකයේ විවිධ රටවලින් පැමිණි සුන්දරියන් වියට්නාමයට ආවේණික වූ සම්ප්‍රදායික Áo Dài ඇඳුමින් සැරසී සිටීමයි. වියට්නාම සංස්කෘතියේ අනන්‍යතාවය මනාව කියාපාන මෙම සාම්ප්‍රදායික ඇඳුමෙන් සැරසුණු රූ රැජිනියන්ගේ අපූරු පෙනුම එම පරිසරයට එකතු කළේ ඉමහත් අලංකාරයක්. 

බංග්ලාදේශය වෙනුවෙන් Samanzar Sayeed, නේපාලයෙන් Luna Luitel, ඉන්දියාව නියෝජනය කරමින් Nikita Porwal, පාකිස්තානයෙන් Anniqa Meraj, මාලදිවයින වෙනුවෙන් Mariyam Eema Mohamed මෙන්ම ශ්‍රී ලංකාව ආඩම්බරයෙන් නියෝජනය කරන ප්‍රතිභා ලියනාරච්චියන දැකුම්කලු සහ අරමුණුසහගත තරුණියන් මෙලෙස එකම වේදිකාවකදී ජාත්‍යන්තරය නියෝජනය කරනු ලබනවා.

විවිධ රටවල සංස්කෘතීන්, සුවිශේෂී සුන්දරත්වය සහ ගෝලීය එකමුතුකම එකම වේදිකාවක දිදුලවාලූ මෙම මොහොත, Miss World සංවිධානය සැමවිටම ඉදිරියට ගෙන යන “Beauty With a Purpose” (අරමුණක් ඇති සුන්දරත්වය) යන තේමාව තවත් අර්ථවත් කළ අවස්ථාවක් බවට පත්වුණා. ස්වභාවධර්මයේ අපූරු නිර්මාණයක් වන Ha Long Bay හි මනස්කාන්ත පසුබිමක ලෝකයේ විවිධ කොන්වලින් පැමිණි සුන්දරියන් එකතු වූ මෙම සුන්දර මතකය, ඉදිරියේදීත් ලෝකවාසීන්ගේ කතාබහට ලක්වනු නොඅනුමානයි.

0%
0%
0%
0%
Comments