ads
Entertainment

රාජ්‍ය ළමා නාට්‍ය සම්මාන ප්‍රදානෝත්සවය අති උත්කර්ෂවත්ව

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය සහ රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩලය එක්ව සංවිධානය කළ "රාජ්‍ය ළමා නාට්‍ය සම්මාන ප්‍රදානෝත්සවය - 2025" පසුගියදා අරලියගහ මන්දිරයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා.

හෙට දිනයේ වේදිකා නාට්‍ය ක්ෂේත්‍රය ආලෝකවත් කිරීමට නියමිත දරු නිර්මාණකරුවන්ගේ නිර්මාණශීලී හැකියාවන් සහ කලා කුසලතා ඇගයීමේ අරමුණින් මෙහිදී රාජ්‍ය සම්මාන ප්‍රදානය සිදු කළා.

ළමා නාට්‍ය කලාව ප්‍රවර්ධනය කිරීම, දරු පරපුරේ නිර්මාණශීලීත්වය දිරිගැන්වීම සහ ශ්‍රී ලාංකේය නාට්‍ය කලාවේ අනාගතයට ශක්තිමත් පදනමක් සැකසීම මෙම සම්මාන උළෙලේ ප්‍රධාන අරමුණ වූ බව සංවිධායකයෝ සඳහන් කළා.

මෙම අභිමානවත් උත්සවය බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර, මැති ඇමතිවරු, රාජ්‍ය නිලධාරීන්, ප්‍රවීණ කලාකරුවන් සහ ආරාධිත සම්භාවනීය අමුත්තන් රැසක් ඊට සහභාගී වූණා.

0%
0%
0%
0%
Comments