මැලේසියාවේ පැවති 09 වන ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේදී (9th Malaysia Golden Global Awards) අපේ රටටම ආඩම්බරයක් ගෙන එමින්, ඔවුන් සම්මාන රාශියකින් පිදුම් ලැබුවේ ‘රිවර්ස්ටන්’ (Riverston) චිත්‍රපටයේ දැක්වූ විශිෂ්ට රංගන ප්‍රතිභාව වෙනුවෙන්.
එහිදී ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා මහතා හොඳම නළුවාට හිමි සම්මානය දිනාගත් අතර, දක්ෂ රංගන ශිල්පී ප්‍රියන්ත සිසිර කුමාර මහතා හොඳම සහාය නළුවාට හිමි සම්මානය තමන් සන්තක කරගත්තේ ලාංකීය සිනමාවට අමතක නොවන ජයග්‍රහණයක් එක් කරමින්.
මැලේසියාවේ ක්වාලාලම්පූර් නුව සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 315 දරන ගුවන් යානයෙන් ඊයේ පස්වරු 4.01ට ඔවුන් කටුනායක ගුවන්තොටුපොළ වෙතපැමිණි අවස්ථාව දැකගන්නට ලැබුණේ අතිශය උද්යෝගිමත් අයුරින්. මේ අපූරු ජයග්‍රහණය සැමරීමට සහ අපේ සිනමාකරුවන්ට උණුසුම් සුබපැතුම් එක් කිරීමට ‘රිවර්ස්ටන්’ චිත්‍රපටයේ නිෂ්පාදිකා නිමන්ති පෝරගේ මහත්මිය ඇතුළු සිනමා ක්ෂේත්‍රයේ හිතවතුන් සහ රසිකයන් විශාල පිරිසක් ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියා.


