ads
Travel

ලොව සුන්දරම සහ ජීවත්වීමට වඩාත්ම සුදුසු නගර

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
'ඉකොනොමිස්ට් ඉන්ටෙලිජන්ස් යුනිට්' (EIU) ආයතනය විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවට අනුව, 2026 වසරේ ලොව ජීවත්වීමට වඩාත්ම සුදුසු සහ පහසුම නගරය ලෙස ඩෙන්මාර්කයේ අගනුවර වන කෝපන්හේගන් (Copenhagen) නගරය අඛණ්ඩව දෙවන වරටත් පළමු ස්ථානය දිනාගෙන තිබෙනවා.

සංචාරකයින්ගේ මෙන්ම ලෝකයේ විවිධ රටවල පදිංචිකරුවන්ගේ සිත් ඇද බැඳ ගන්නා මෙම සුන්දර නගරය, ස්ථාවරත්වය, විශිෂ්ට මට්ටමේ යටිතල පහසුකම් සහ ඉහළම අධ්‍යාපන ක්‍රමවේදය යන අංශ තුනෙන්ම පරිපූර්ණ ලකුණු ලබා ගනිමින් ලෝකයේම අවධානය දිනා ගැනීමට සමත්ව ඇත. මෙහි ඇති සුවපහසු සහ ආරක්ෂිත පරිසරය නිසා සංචාරය කිරීමට මෙන්ම ජීවත් වීමටත් කෝපන්හේගන් යනු අපූරු තේරීමකි.

මෙම වාර්තාවට අනුව ලොව පුරා නගර 173ක් අතුරින් ඉදිරියටම පැමිණ ඇති ජීවත්වීමට වඩාත්ම සුදුසු නගර 10 මෙන්න:

  • කෝපන්හේගන් – ඩෙන්මාර්කය
  • වියානා – ඔස්ට්‍රියාව
  • මෙල්බර්න් – ඔස්ට්‍රේලියාව
  • සිඩ්නි – ඔස්ට්‍රේලියාව
  • සූරිච් – ස්විට්සර්ලන්තය
  • ජිනීවා – ස්විට්සර්ලන්තය
  • ඔසාකා – ජපානය
  • ඇඩිලේඩ් – ඔස්ට්‍රේලියාව
  • වැන්කුවර් – කැනඩාව
  • ටෝකියෝ – ජපානය

යුරෝපයේ සහ ඕස්ට්‍රේලියාවේ මෙන්ම ආසියාවේ සංවර්ධිත නගර ද මේ අතරට එක්ව ඇත්තේ, නගරයක ආරක්ෂාව, සෞඛ්‍ය සේවා සහ ජනතාවගේ දෛනික ජීවන පහසුව යන්න සංචාරක සහ නාගරික ජීවිතයට කොතරම් බලපානවාද යන්න පෙන්වා දෙමිනි. ඔබත් මීළඟ සංචාරක වාරයේදී ලෝකයේ අසිරිය විඳින්න සුදුසු අපූරු නගරයක් ගැන හිතනවා නම්, මෙම ලැයිස්තුව ඔබට කදිම මඟ පෙන්වීමක් වනු නිසැකය. තොරතුරු EIU වෙබ් අඩවිය ඇසුරිනි 

0%
0%
0%
0%
Comments