2025 රාජ්‍ය නර්තන උළෙලේ දී ජාතික මට්ටමින් ඇගයීමට ලක් වූ, විශිෂ්ටතම සම්මාන දිනාගත් දූ පුතුන්ගේ සහ අත්දැකීම් බහුල නර්තන ශිල්පීන්ගේ විචිත්‍රවත් රංගනයන්ගෙන් මෙවර වේදිකාව ඒකාලෝක වුණා.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය සහ රාජ්‍ය නර්තන අනුමණ්ඩලය එක්ව සංවිධානය කළ මෙම අභිමානවත් උළෙල සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සහභාගී වූ අතර, වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ මහතා ඇතුළු මැති ඇමතිවරුන්, විදේශීය තානාපතිවරුන්, රාජ්‍ය නිලධාරීහු සහ ප්‍රවීණ කලාකරුවෝ රැසක් එක්ව සිටියා.
දේශීය නර්තන ක්ෂේත්‍රයේ ප්‍රගමනයත්, සම්මානනීය කලාකරුවන්ගේ අප්‍රතිහත ධෛර්යය සහ දක්ෂතාව ඇගයීමත් අරමුණු කරගනිමින් පැවැති මෙම දැවැන්ත ප්‍රසංගය, දෙස් විදෙස් ප්‍රේක්ෂකයන්ගේ නොමද ආකර්ෂණයට හා හරසරට ලක්වුණා.
නෘත සම්භාවනා 2026
නෘත සම්භාවනා 2026
නෘත සම්භාවනා 2026
නෘත සම්භාවනා 2026
නෘත සම්භාවනා 2026
නෘත සම්භාවනා 2026