ads
Lifestyle

ස්මාර්ට් දුරකතන වලට අධික ලෙස ඇබ්බැහි වීමෙන් සිදුවන අනතුරුදායක තත්ත්වය 

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
ස්මාර්ට් දුරකතන භාවිතය සහ මත්ද්‍රව්‍ය අතර ඇති සම්බන්ධය පිළිබඳව ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශක සහ මනෝ චිකිත්සක වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතා විශේෂ කරුණු රැසක් අනාවරණය කර තිබෙනවා.

ඒ මහතා පෙන්වා දුන්නේ විනෝදාස්වාදය සඳහා ස්මාර්ට් දුරකතනවලට අධික ලෙස ඇබ්බැහි වීම හේතුවෙන් පුද්ගලයන් ක්‍රමයෙන් මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවීමේ දැඩි අවදානමක් පවතින බවයි. විශේෂයෙන්ම පාසල් යන දරුවන් මෙම උවදුරින් මුදා ගැනීම සඳහා දෙමාපියන් දැඩි විනයක් ඇතිව ස්මාර්ට් දුරකතන භාවිතය පාලනය කිරීමට උපදෙස් ලබා දිය යුතු බවද වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතා පැවසුවා.

මොළයේ රසායනික වෙනස්කම් සහ ඩොපමීන් බලපෑම


විද්‍යුත් තිරයන් නිරන්තරයෙන් භාවිත කිරීමෙන් මිනිස් මොළය තුළ අසාමාන්‍ය ලෙස ඩොපමීන් රසායනය ස්‍රාවය වන බව වෛද්‍යවරයා පැවසුවා. මෙම තත්ත්වය මත්ද්‍රව්‍ය භාවිත කිරීමේදී මොළයේ සිදුවන රසායනික ස්‍රාවය වීමට සමාන වන අතර එය මිනිස් ශරීරයට දැඩි ලෙස අහිතකර බවයි ඔහු අවධාරණය කර ඇත්තේ. 

මත්ද්‍රව්‍ය භාවිත කිරීම කිසිවිටෙකත් සැබෑ විනෝදයක් ලබා නොදෙන බවත්, එය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් සමාජගත කර ඇති මුළාවක් පමණක් බවත් ඔහු වැඩිදුරටත් අනාවරණය කළා.

පවුල් පසුබිම සහ දරුවන්ගේ මානසිකත්වය


පවුල් සංස්ථාව තුළ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සිටින විට එය එම පවුල්වල දරුවන්ගේ මානසිකත්වයට සෘජුවම බලපෑම් ඇති කරන බව සඳහන් වෙනවා. පසුකාලීනව එවැනි පවුල්වල දරුවන්ද මත්ද්‍රව්‍ය සඳහා පෙළඹවීමට මෙමඟින් මග සැලසෙන බවයි ඔහු පැවසුවේ.

කුඩා කළ දරුවන් මුහුණපාන විවිධ මානසික තත්වයන් සහ ජානමය සාධක ඔස්සේ ද පුද්ගලයන් මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවන බවත්, එම නිසා දරුවන්ට නිවස තුළ යහපත් පරිසරයක් ගොඩනංවමින් ආදරය සහ රැකවරණය ලබා දීම දෙමාපියන්ගේ වගකීමක් බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

0%
0%
0%
0%
Comments