ads
Entertainment

ලංකාවේ සංචාරය අතරතුර පෝලන්ත රූ රැජිනියන්ගෙන් අපූරු ඡායාරූප සැසිවාරයක්

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ ආරාධනාවකට අනුව 2026 පෝලන්ත රූ රැජින තරගාවලියෙහි අවසන් තරගකාරිනියන් 24 දෙනා සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩලය දිවයිනට පැමිණ අපූරු සංචාරයක නිරත වී තිබෙනවා.

2025 වසරේ පෝලන්ත රූ රැජින තරගාවලියේ ජයග්‍රාහිකා ඔලිවියා මිකුල්ස්කා සහ 2024 වසරේ ජයග්‍රාහිකා කසන්ද්‍රා සවාල් ඇතුළු 45 දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායම දින 10ක විශේෂ සංචාරයක් සදහා මෙරටට පැමිණි අතර, සීගිරියෙන් ආරම්භ වූ මෙම චාරිකාව පසුව අපේ රටේ සුන්දර නැගෙනහිර වෙරළ තීරය දක්වා විහිදී ගියා. 

පෝලන්තයේ Nowy Sacz නුවරදී අගෝස්තු මස 2 වන දින පැවැත්වීමට නියමිත 2026 අවසන් මහා තරගයට පෙර සංවිධානය කෙරුණු මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වූයේ ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය, ස්වාභාවික සුන්දරත්වය සහ වනජීවී සම්පත් ජාත්‍යන්තර ප්‍රේක්ෂකයන් හමුවේ ප්‍රදර්ශනය කිරීමයි.

මෙම සංචාරයේ විශේෂ අංගයක් ලෙස මාලදිවයින කේන්ද්‍රකරගත් Sun Siyam Resorts හෝටල් ජාලයේ Privé Collection එකතුවේ කොටසක් වන Sun Siyam Pasikudah Resort මගින් ඔවුන්ට උණුසුම් සත්කාරකත්වයක් ලබා දී තිබෙනවා. එහිදී හෝටලය අවට පිහිටි දර්ශනීය වෙරළ තීරය සිය විශේෂ ඡායාරූප ගත කිරීම් සඳහා ද යොදා ගත් අතර, මෙම සංචාරය තුළින් ඔවුන් ලබාගත් අත්දැකීම් සහ ඡායාරූප පෝලන්ත මාධ්‍ය හරහා පුළුල් ලෙස ප්‍රචාරය කෙරෙනවා. එපමණක් නොව, මෙම සුවිශේෂී තරගය පෝලන්තයේ Polsat නාලිකාව ඔස්සේ ද සජීවීව විකාශය වීමට නියමිතව තිබෙනවා.

your image


your image

0%
0%
0%
0%
Comments