ads
Food

නවදිල්ලි නුවරදී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙන ශ්‍රී ලාංකේය ආහාර උළෙල

zira-fb
zira-twitter
zira-whatsapp
zira-viber
zira-fb
zira-twitter
zira-whatsapp
zira-telegram
zira-viber
නවදිල්ලි නුවර Pullman New Delhi Aerocity හි 'Farmers' Basket at Pluck' පරිශ්‍රයේදී මේ දිනවල ඉතා උත්කර්ෂවත් අයුරින් ක්‍රියාත්මක වන ශ්‍රී ලාංකේය ආහාර උළෙල (Sri Lanka Food Festival) ඉන්දීය ආහාර ලෝහීන්ගේ දැඩි ආකර්ෂණයක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා. පසුගිය ජූලි 17 වනදා ආරම්භ වූ මෙම විශේෂ ආහාර සංස්කෘතික සැණකෙළිය එළඹෙන ජූලි 26 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

මෙම අද්විතීය ආහාර අත්දැකීමෙහි ප්‍රධාන විශේෂත්වය වන්නේ, ඉන්දියාවේ බැංගලෝර් නුවර පිහිටි ප්‍රසිද්ධ 'Salone Ceylon by Harpo' ආපන ශාලාවේ ප්‍රවීණ සූපවේදී චතුර ඊෂාන් මහතා විසින් මෙහි මෙනුව සකස් කර තිබීමයි. ශ්‍රී ලංකාවට ආවේණික කුළුබඩුවල සුවඳ සහ නැවුම් රසය එලෙසම ඉන්දීය වැසියන් වෙත සමීප කිරීමට ඔහු සමත්ව තිබෙනවා.

සාම්ප්‍රදායික ආප්ප, කොත්තු රොටි, සුවඳවත් ව්‍යාංජන, නැවුම් මුහුදු ආහාර සහ විවිධ දේශීය සම්බෝල වර්ග රැසක් මෙම උළෙලේදී රස බැලීමට ඉන්දීය පාරිභෝගිකයින්ට අවස්ථාව උදා වී තිබෙනවා. 

දෙරට අතර සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, ශ්‍රී ලංකාවේ අනන්‍ය වූ දේශීය රසයන් අසල්වැසි ඉන්දියාව තුළ ජනප්‍රිය කිරීමට මෙම වැඩසටහන හරහා විශාල මෙහෙයුමක් ඉටු වෙමින් පවතිනවා.

your image


your image

your image

your image

0%
0%
0%
0%
Comments