එදා 2006 ජර්මන ලෝක කුසලාන වේදිකාවේදී “Hips Don’t Lie – Bamboo” ගීතයෙන් අපේ හදවත් දිනාගත් ඒ තරුණ පෙනුම සහ පුදුම හදන ජවය, අද 2026 ලෝක කුසලානය වර්ණවත් කරන මොහොතෙත් කිසිම වෙනසක් නැතුව එහෙමම තිබෙනවා.
ඇය මීට පෙර ලෝක කුසලාන තරඟාවලි කිහිපයකටම තම අපූරු දායකත්වය ලබා දී තිබෙනවා. ඒ අතර 2006 ජර්මනියේදී “Hips Don’t Lie – Bamboo” ගීතයත්, 2010 දකුණු අප්‍රිකාවේදී ලොව අතිශය ජනප්‍රිය වූ නිල තේමා ගීතය වන “Waka Waka” ගීතයත්, 2014 බ්‍රසීලයේදී අවසන් මහා තරගයේදී “La La La” ගීතය ගායනා කරමින් ලෝකයම වසඟයට ගැනීමට ඇයට හැකි වී තිබෙනවා.
2010 වසරේදී ඇය ගෙන ආ "Waka Waka" ගීතය හුදෙක් තරඟාවලි තේමා ගීතයක් විතරක් නෙවෙයි, එය මුළු මහත් අප්‍රිකානු සංස්කෘතියේ සහ පාපන්දු ක්‍රීඩාවේ ජීවය ලෝකය පුරාම රැගෙන ගිය අපූරු ගීතයක් වුණා. ඉන්පසුව 2014 බ්‍රසීල ලෝක කුසලානයේදී "La La La" ගීතය හරහා ලතින් ඇමරිකානු රිද්මයෙන් මුළු ලෝකයම නටවන්න ඇයට පුළුවන් වුණා.
මේ හැම දේකටම පස්සේ නැවත වතාවක් ඇය 2026 වසරේදී බර්නා බෝයි වැනි අප්‍රිකානු සංගීතයේ දැවැන්තයෙක් එක්ක එකතු වෙලා කරපු "Dai Dai" ප්‍රසංගය සැබවින්ම විශ්මයජනක අත්දැකීමක් බවට පත්ව තිබෙනවා. වයස කියන්නේ තමන්ගේ දක්ෂතාවයට හෝ ජවයට බාධාවක් නොවන බවත්, එය නිකන්ම ඉලක්කයක් විතරක් බවත් ඇය තම රූමත්කමින් වගේම නොසිඳෙන ශක්තියෙන් මේ වේදිකාවේදී මනාව පෙන්නුම් කර තිබෙනවා. මෙය ශකිරා ලෝක කුසලාන පාපන්දු තරගාවලියක් සඳහා සිය දායකත්වය දැක්වූ සිව්වැනි අවස්ථාව ලෙස ඉතිහාසයට එක් වී තිබෙනවා.
අවුරුදු විස්සකට වඩා වැඩි කාලයක් පුරා ලෝක පාපන්දු වේදිකාවේ අභිමානය රැකදුන් ඇය, අදටත් එදාටත් වඩා වැඩි ආකර්ෂණයක් ලබාගන්න සමත් වී තිබෙනවා. ඇයගේ ඒ අපූරු සිනහව, නර්තන විලාසය සහ මුහුණේ තියෙන තරුණ පෙනුම දැක්කම කෙනෙකුට හිතෙන්නේ කාලය ඇය ඉදිරියේ නතර වෙලා වගේ කියලයි. අලුත් පරම්පරාවේ සංගීත ශිල්පීන් එක්ක එකතු වෙලා අලුත්ම අත්දැකීම් ලෝකයට දෙද්දිත්, ඇය තුළ තිබෙන සදාකාලික තරුණකම සහ හැඩය අදටත් රසිකයන්ගේ සිත් මවිතයට පත් කර තිබෙනවා.
ඇයගේ නර්තන විලාසය තුළ තිබුණු ශක්තිය වගේම, අප්‍රිකානු සහ ලතින් සංගීත සංකලනය මේ ප්‍රසංගයට එකතු කර තිබෙන්නේ වෙනස්ම මිහිරක්. ලෝකය පුරා විසිරිලා ඉන්න විවිධ සංස්කෘතීන්වල රසිකයන්ව එකම තැනකට එකතු කරන්න පාපන්දු ක්‍රීඩාවට වගේම ශකීරාගේ සංගීතයටත් පුළුවන් කියලා ඇය මේ හරහා නැවත වතාවක් තහවුරු කර තිබෙනවා.